Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් කෝටි 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අල්ලයි

  රුපියල් කෝටි 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු, වැලිකඩ, රාජගිරිය, කුරුඳුවත්ත පල්ලිය පාරේ, ජේ එම් සෝමදාස ළමා ක්‍රී...

 


රුපියල් කෝටි 02 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු, වැලිකඩ, රාජගිරිය, කුරුඳුවත්ත පල්ලිය පාරේ, ජේ එම් සෝමදාස ළමා ක්‍රීඩාංගනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


අදාළ හෙරොයින් තොගය, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාකරුවෙකු වන රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා විසින් මෙරටට එවා ඇති බවට සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇතැයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවා.


බ්ලුමැන්ඩල් සංඛ නමැත්තාගේ මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවනු ලබන දැනට රක්ෂිත බන්ධානාගාර ගතව සිටින අමිත් නැමැත්තෙකු විසින් වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වූ සැකකරු වෙත ලබාදී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

No comments

Ads Place