Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘Z’ අගය මත පමණක් දරුවන්ගේ අනාගතය තීරණය වීමට ඉඩ නොදිය යුතුයි

පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනාධිපතිව...


පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් වියයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.


ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) පස්වරුවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක්වු අතර විද්‍යාර්ථයින් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැමීම මෙහිදි සිදු කෙරුණි.


එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,


“අපගේ විශ්වවිද්‍යාල ධාරිතාව පුළුල්වීමත් සමගම විශ්වවිද්‍යාල සම්පත් සීමාව මත නීර්ණය කරනු ලබන විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය වෙනස්විය යුතු වනවා. “සෞභාග්‍යයේ දැක්ම” අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි යටිතල පහසුකම්, තාක්ෂණය සහ මානව සම්පත් ප්‍රවර්ධනය අරමුණු කරගනු ලැබූ ආයෝජන මගින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධාරිතාව ඉහළ දැමීම මගේ රජයේ වැදගත් ඉලක්කයක්. විශ්වවිද්‍යාල පහසුකම් පුළුල් කිරීම මගින් විශාල සිසුන් සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාවනවා. උසස් පෙළ විභාගයෙන් සිසුන් ලබාගන්නා ඉසෙඩ් අගය මත පමණක් සිසුන්ගේ අනාගතය තීරණය වීමට ඉඩනොදී ඔවුන්ගේ දක්ෂතා මත එය කළ යුතු වනවා,”

noizetv

No comments

Ads Place