Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

පුංචි ලෝකාන්තයේදී අතුරුදන්වූ සිරස සගයා සොයා STF සෝදිසි මෙහෙයුමක්

 ඊයේ රාත්‍රියේ සිට අතුරුදහන් වූ සිරසා රූපවාහිනී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (එස්...


 ඊයේ රාත්‍රියේ සිට අතුරුදහන් වූ සිරසා රූපවාහිනී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (එස්ටීඑෆ්) සමඟ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.


මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹිමට ගොස් ඔහු මෙලෙස අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුතර මග්ගොන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.


ලෝකාන්තය බැලීමට පැමිණි පිරිසක් කූඩාරම් ගසාගෙන එහි නතරවී සිට තිබේ. පසුව රාත්‍රී කාලයේදී සීතල වැඩි බව පවසා එක් පුද්ගලයෙක් වාහනයට යන බව පවසමින් පිටව ගොස් ඇත.


එහෙත් පිරිස පසුව කළ සොයා බැලීමකදී ඔහු පිළිබඳ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.


අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් ඒම ස්ථානය වෙත ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් එහි ළඟා වෙමින් සිටී.


කෙසේවෙතත් අද දහවල් වන විටත් අතුරුදන් වු පුද්ගලයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.


ප්‍රදේශය තුළ පවත්නා අධික මීදුම් හා වර්ෂාව ඔහු සෙවීමේ කටයුතුවලට දැඩි බාධාවක් ව ඇතැයි මඩොල්සිම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියාසිටියේ.


අතුරුදහන් වූ පුද්ගලයා වැටෙන්නට ඇතැයි සැකකෙරෙන ප්‍රපාතයට කඹයක් යොදා අඩි දෙසීයක පමණ ප්‍රදේශයක් යුද හමුදාව විසින් නිරීක්ෂණය කරමින් සිටියි.

noizetv

No comments

Ads Place