Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Road Saftey World Series T20 ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීනයන් ඉවත් වෙයි

  ප්‍රවීන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පසුගිය වර තරගාවලියට එක් වූ හිටපු ශ්‍රී ...

 


ප්‍රවීන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පසුගිය වර තරගාවලියට එක් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබෙනවා. මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, උපුල් චන්දන හා මාවන් අතපත්තු යන හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර තරගාවලියට එක් නොවන බවයි වාර්තා වන්නේ. පෞද්ගලික හේතූන් මත ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.


කෙසේවෙතත් මෙවර Road Saftey World Series 20 යි 20 තරගාවලිය සදහා නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රසල් ආර්නල්ඩ් සහ චින්තක ජයසිංහ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වීමට නියමිතව තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය ඉකුත් මාර්තු මාසයේදී කල් දැමුණු අතර මෙම තරගාවලිය නැවත වරක් පැවැත්වීමටයි සංවිධායකයින් මේවනවිට සැලසුම් කර ඇත්තේ. ඒ අනුව මෙවර තරගාවලිය සදහා ගියවර සහභාගී නොවූ ක්‍රීඩකයන් ද ක්‍රීීඩා කිරීමට නියමිතව තිබෙනවා.


මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන Road Saftey World Series 20 යි 20 තරගාවලියේ පැවැත්වීමට නොහැකි වූ ඉතිරි තරග ලබන මාර්තු 02 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතයි. 


ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වනවා.

No comments

Ads Place