Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිතුමාගේ අදහසකට අනුව කොවිඩ් නිසා අඩාල වූ උපකාරක පංතිවලට ONLINE ලියාපදිංචිය නොමිලේ

  පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අඩාලවී ඇති උපකාරක පන්ති සේවාව අඛණ්ඩව පවත්වාගනයාම සදහා මාර්ගගත පසුකම් බලපත්‍ර ලියාපදිංචිය නොමිලේ ලබාදීම ස...

 


පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අඩාලවී ඇති උපකාරක පන්ති සේවාව අඛණ්ඩව පවත්වාගනයාම සදහා මාර්ගගත පසුකම් බලපත්‍ර ලියාපදිංචිය නොමිලේ ලබාදීම සදහා ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) දියත්කල mytutor.edu.lk වැඩපිළිවල සමග මයික්රෝසොෆ්ට් ආයතනය Microsoft Teams එක්වේ. 


 ඒ පිළිබදව වූ අවබෝදතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා (23) ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනදී සිදුකෙරිණ.  පවතින තත්වයන් හමුවේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගන යාමට සහායවන ලෙස සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මයික්රෝසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයෙන් කල ඉල්ලීමක් අනුව මෙම පහසුකම් නොමිලයේ ලබාදීමට ඔවුහු ඉදිරිපත්ව සිටිති. www.mytutor.edu.lk වෙබ් අඩවියේ ලියාපදිංචි  වීමෙන් උපකාරක පන්ති ගුරුවරුන් ට මෙම මාර්ගගත (online)මයික්රෝසොෆ්ට් පහසුකම් ලියාපදිංචිය නොමිලේ ලබාගත හැකියි. මෙහිදී  ශිෂ්‍යන්  සදහාද විශේෂ  සහන පැකේජයක් ලබාදීමට දුරකතන සේවා සමාගම් එකගවි තිබේ . 


ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව තාක්ෂණ අමාත්‍යන්ශය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ නියෝජිතායතනය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එක්ව මෙම වැඩපිළිවල ක්‍රියාවට නගයි. 


මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට මාර්ගගත තාක්ෂනය (online ) ඔස්සේ සම්බන්ධවූ මයික්රෝසොෆ්ට් ආයතනයෙ දකුණු ආසියානු කලාපිය නව වානිජ්‍ය සාමාන්‍යාධිකාරි Sook Hoon Cheahමහත්මිය මෙහිදී ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සදහා උපකාර කිරීමට තම ආයතනය තවදුරටත් සහායවන බවයි. මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්තාවට තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත දී සිල්වා, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, මයික්රෝසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ දේශීය කළමනාකරු හසිත අබේවර්ධන, ජේෂ්ඨ තාක්ෂණ වාණිජ කළමනාකරු හර්ෂ රන්දෙනි, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ නියෝතායතනයේ ඩිජිටල් සේවා ප්‍රධානි ආචාර්ය රොහන්ත රොඩ්රිගෝ, ප්‍රධාන නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු යන අය සහභාගී වූහ.

No comments

Ads Place