Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලුත්ගම OICට විරුද්දව වීඩියෝවක් FB දැමූ එම පොලීසියේ SIගේ වැඩ තහනම් කෙරේ…

  අලුත්ගම පොලීසියේ සේවය නියුතුව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ දමිත් ජයතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි 22 සිට රාජකාරී තහනම් කර තිබේ. කළ...

 


අලුත්ගම පොලීසියේ සේවය නියුතුව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ දමිත් ජයතිලක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි 22 සිට රාජකාරී තහනම් කර තිබේ.

කළුතර දිසා භාර නියෝජ්‍යපොලිස් පති දම්මික පියන්ත ,කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නියෝග මත සිදුකළ පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම පොලිස් නිලධාරියාට චෝදනා එකොළහක් යටතේ ගොනු කර තිබෙන චෝදනා පත්‍රයක් ලබාදී සේවය අත්හිටුවීමට කටයුතු කර ඇතැයි කළුතර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා පැවසීය.

සිය සේවා ස්ථානය වූ අලුත්ගම පොලිස් ස්ථානයට සහ පොලිස් ස්ථානාධිපතිවරයාටත්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු නොකල යුතු විනය විරෝධී පොලිස් අණට අකීකරු ව, පොලිස්පති නියෝග සහ චක්‍ර ලේඛන නොතකා සමාජ මාධ්‍ය වෙත තම ආයතන ප්‍රධානියා වූ අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතාට ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනාත්මක වීඩියෝවක් මුදාහැරීම සම්බන්ධයෙන් සිදුකර තිබෙන විනය කඩ කිරීම හේතුවෙන් උසස් පොලිස් නිලධාරීන් එම නිලධාරියා සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ වසර නමයක කාලයක් සේවය කර ඇති මෙම නිලධාරියා මොරටුව පොලිස් ස්ථානයෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් අලුත්ගම පොලීසියේ සේවය කර තිබියදී මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත.

No comments

Ads Place