Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත්කරණය අයාලේ.. විශේෂඥයන් විරෝධය.. GMOA එන්නත්කරණයෙන් ඉවත් වන තීරණයක..

  කොරෝනා මර්ධන එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් බරපතළ ලෙස කනගාටුව පළකර ඇතැයි අද ඩේලිමිරර් පුවත්පත වාර්තාකරයි. එන්නත්කරණය සදහා ...


 කොරෝනා මර්ධන එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් බරපතළ ලෙස කනගාටුව පළකර ඇතැයි අද ඩේලිමිරර් පුවත්පත වාර්තාකරයි.

එන්නත්කරණය සදහා ලියාපදිංචිවීමට හඳුන්වා දුන් වෙබ් අඩවියද මේ වන විට අක්‍රීය වී ඇතැයි එහි සඳහන්ය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ එජයේ එන්නත් කරන වැඩසටහන මේ වන විට වෙනස් කර ඇති බවයි.

මුලින් රජය සැලසුම් කර සිටියේ වයස අවුරුදු 60ට වැඩි පිරිස එන්නත ලබාදීමට වුවද දෙවනුව එම සැලසුම 30-60ත් අතර දක්වා වෙනස් කර ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට 30ට වැඩි සියලුම දෙනාට එන්න ලබාදෙන බවට සැලසුම වෙනස් කර ඇතැයිද ඔහු පැවසුවේය.

එන්නත්කරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මාර්ගෝපදේශයක් මෙතෙක් නිකුත් කර නැතැයිද සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

මෙම තත්වයන් මත තම සංගමයේ බස්නාහිර පලාතේ වෛද්‍යවරුන් එන්නත්කරන වැඩසටහනෙන් ඉවත් වීමට තීරණය කල බවත් පසුව වැඩපිලිවෙල සාර්ථක කර ගැනීම සදහා එම උවමනාවෙන් සහාය දුන් බවත් ඔහු පැවසීය.

ඒ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලබාදුන් තාවකාලික මාර්ගඋපදේශ මත බවද ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කරන ලදී.

No comments

Ads Place