Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ මඟ යමින් සිටි හෙදියකගේ හෑන්ඩ් බෑගය පැහැර ගැනීමට ගත් තැත - CCTV දර්ශන

  මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ “අත් බෑග්“ කොල්ලකෑ පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත...

 


මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ “අත් බෑග්“ කොල්ලකෑ පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රීරෝද රථයකින් මහරගම, කොහුවල, පිළියන්දල හා බොරලැස්ගමුව යන ප්‍රදේශවල එම පුද්ගලයා විසින් කොල්ලකෑම් සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලන් අනතුරු එවැනි කොල්ලකෑම් 13ක තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු විසින් කොල්ලකන ලද “අත් බෑග්“ 5ක් සහ ජංගම දුරකථන 16කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

“අත් බෑග්වල“ තිබු මුදල් මත්ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා සැකකරු වැය කර ඇතැයි අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු රත්මලාන කටුකුරුන්ද වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, සැකකරු විසින් කලුබෝවිල ශික්ෂණ රෝහලේ හෙදියකගේ අත් බෑගයක් බොරලැස්ගමුව ජී.එච් පෙරේරා මාවතේ දී කොල්ලකෑමට උත්සහ දරන අතර එහිදී හෙදිය බිම වැටී ඇදී යන අයුරු ඒ අසල වු CCTV කැමරාවක මෙලෙස සනිටුහන්ව තිබුණි.


adaderananews

No comments

Ads Place