Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණි අඹුසැමි යුවලකට කොරෝනා

  ප්‍රතිකාර ලබා ගැනිම සඳහා දික්ඔය මුලික රෝහලට පැමිණි අඹු සැමි යුවලකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනයේදී ප්‍රති...

 


ප්‍රතිකාර ලබා ගැනිම සඳහා දික්ඔය මුලික රෝහලට පැමිණි අඹු සැමි යුවලකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊයේ දිනයේදී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි එම අඹුසැමි යුවලට සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව ඔවුන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර සිටියේ.


හැටන් නගරයේ වෙලදසැලක වෙලද සහයකයෙකු වශයෙන් සේවය කරන සැමියාට කොවිඩ් 19 රෝගි ලක්ෂණ මතුවිම නිසා එම රෝගියා හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත පළමුව ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි වෛද්‍යවරයා විසින් එම රෝගියාව දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇත.


දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් එම රෝගියාව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදු කර ඇති අතර එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම අසාදිතයාගේ බිරිඳව ද පසුව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට යොමු කර ඇත. එම පරික්ෂණයේදි දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.


එම අසාදිතයා හැටන් නගරයේ සේවය කල වෙලදසැල් දෙකක ළගම ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවත්, අසාදිතයාගේ පුතෙකු හැටන් ඩන්බාර් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතනයක පාඨමාලාවක් හදාරන බවත්, එම පාඨමාලාව හැදැරිමට එක් වි සිටින සෙසු අයද ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් සඳහන් කර සිටියේ.

No comments

Ads Place