Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ විවාදයක් ලබා දීමට තීරණය කෙරේ

  පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද විවාදයක් ලබාදෙන බව සභානායක...


 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද විවාදයක් ලබාදෙන බව සභානායක , අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේද  අද (25)  ප්‍රකාශ කළේය.

ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අදාළ විවාදය ලබාදෙන බවද ඇමතිවරයා පැවසීය.  එමෙන්ම මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බවට ආණ්ඩුව මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ බවත් ඒ අනුව අදාළ විවාදය ලබාදෙන බවත් සභානායකවරයා පැවසීය. 

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  අද (25) පාර්ලිමේන්තුවේදී   සභාගත කළේය.  මෙම අවස්ථාවේදී මේ පිළිබදව දින තුනක විවාදයක් අවශ්‍ය  බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ගුණවර්ධන මහතා මේ බව පැවසීය. 

මේ පිළිබදව පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කොට විවාදයක් පැවැත්වීම පිළිබද තීරණය කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී පැවසීයමෙම වාර්තාව ජනාධිපතිවරයාගේ  නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් පසුගියදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී. ඒ අනුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත  වේ

No comments

Ads Place