Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා නියෝජිතයෙක් මානව හිමිකම් සමුළුවට යයි

  මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුවද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජිතයෙකු සැසිවාරයට...

 


මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුවද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජිතයෙකු සැසිවාරයට යොමු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ප්‍රතිචාර දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රධාන කණ්ඩායම කොළඹ සිට සැසිවාරය අමතන බවයි. 


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී අද ආරම්භ වනවා. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හෙට අන්තර්ජාලය ඔස්සේ ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය සරත් වීරසේකරගෙන් යුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන කමිටුව අන්තර්ජාලය ඔස්සේ මෙවර සමුළුවට සහභාගිවීමට නියමිතයි. 


ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලෙට් සකස් කළ විශේෂ වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේයි.  

No comments

Ads Place