Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛරස ව්‍යාප්තිය රට තුළ පාලනය කරගැනීම සඳහා ජනතාව තවදුරටත් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතුයි - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

  කොරෝනා වෛරස ව්‍යාප්තිය රට තුළ පාලනය කරගැනීම සඳහා ජනතාව තවදුරටත් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන...

 


කොරෝනා වෛරස ව්‍යාප්තිය රට තුළ පාලනය කරගැනීම සඳහා ජනතාව තවදුරටත් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ ජනතාව තවදුරටත් අනවශ්‍ය ගමන් බිමන් ආදියෙන් වැළකී සිටිය යුතු බවයි.


සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන්, පසුගිය මාස කිහිපයට වඩා වැඩි පිරිසක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විනෝද චාරිකාවල  සහ වන්දනා ගමන්වල නිරත වන තත්වයක් ඊයේ දිනයේදී වාර්තා වුණා. මාතලේ රිවර්ස්ටන් ප‍්‍රදේශයට ඊයේ දිනයේදී පසුගිය කාල සීමාවට සාපේක්ෂව විශාල සංචාරකයින් පිිරිසක් පැමිණ තිබෙනවා.


කතරගම පුදබිමට ද ඊයේ සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ගේ ද වැඩිවීමක් ඊයේ දිනයේ දක්නට ලැබුණා. එවැනි ගමන්වල නිරත වන පිරිස් විවිධ ස්ථානවලදී බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණු අතර සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් දැනුවත් කරන ආකාරය ද දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 


එලෙස විනෝද චාරිකාවල සහ වන්දනා ගමන්වල නිරත වන බොහෝදෙනෙකු සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ ද ඇතැමුන් සෞඛ්‍ය නිර්දේශ නොතකා කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place