Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුද්ධාගමට අපහාස කලාද - මහ සඟරුවනේ චෝදනාවට අලි සබ්රි උත්තර දෙයි

 බුද්ධ ශාසනයට එරෙහිව තමන් ප්‍රකාශයක් සිදු නොකළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ, විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් අධිකරණ...


 බුද්ධ ශාසනයට එරෙහිව තමන් ප්‍රකාශයක් සිදු නොකළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඒ, විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට මහ සංඝරත්නයෙන් එල්ලවන විරෝධයට ප්‍රතිචාර දක්වමන්.


මහ සංඝරත්නය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි. අදාළ ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කර, අමාත්‍යවරයාගේ අදාල ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසටද මහ සංඝරත්නය ඉල්ලා තිබෙනවා.


බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි, ඉකුත් පෙබරවාරි මස 12 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ තිබුණා. එවැනි ප්‍රකාශයක් සිදු කළේ මන්දැයි නෙත් නිවුස් අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. 


කෙසේවෙතත් බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කළ බරපතළ ප්‍රකාශයක් ලෙසයි මහ සංඝරත්නය ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ. කෙසේවෙතත් අධිකරණ අමාත්‍යවරයා ඊට දැක්වුයේ මෙවන් ප්‍රතිචාරයක්. 

ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 11 නමකගේ අස්සනින් යුතුව අදාල ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණා.


එමගින් මහා සංඝරත්නය පෙන්වාදෙන්නේ, නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශීත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්.කුරේගේ “ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක්” යන ග්‍රන්ථයේ සඳහන් ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතීය සහ මුස්ලිම් නීතීය පමණක් බවයි. ඉන් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති වශයෙන් සැලකෙන බැවින් වචනයේ අර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැක්කේ මුස්ලිම් නීතිය පමණක් බවද උන්වහන්සේ සිය ලිපිය මගින් පෙන්වා දෙනවා. 

No comments

Ads Place