Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෝපත් ඇල්ලත් ජල යෝජනාවකට බිලිදෙන්න යයි….

  කුරු ගඟේ කුරුවිට පිහිටි දර්ශනීය බෝපත් ඇල්ලේ ඇලි කට මුදුනෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත පානීය ජල යෝජනා ක්‍රමය වහා වෙනස් කර ඇල්ලට ...


 කුරු ගඟේ කුරුවිට පිහිටි දර්ශනීය බෝපත් ඇල්ලේ ඇලි කට මුදුනෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කිරීමට නියමිත පානීය ජල යෝජනා ක්‍රමය වහා වෙනස් කර ඇල්ලට පහළින් ඊට ජලය ලබාගෙන ක්‍රියාත්මක කරන්නැයි මහා සංඝරත්නය සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය.

නව ජල යෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය බෝපත් ඇල්ල ඇලිකට මුදුනේ ගඟ හරස්කර බැම්මක් මැද ලබා ගැනීමට සැලසුම් කර ඇති බව බෝපත් අසපුව විහාරාධිපති සහ පරිවේනාධිපති තෙප්පනාවේ පියදස්සී හිමියෝ පැවසූහ.

පානීය ජල යෝජනා ක්‍රම ඕනෑතරම් සැකසිය හැකි වුවත් බෝපත්ඇල්ල වැනි මනස්කාන්ත ස්වභාවික දියඇල්ලක් මේ ආකාරයට සැකසිය නොහැකි බවද උන්වහන්සේ කීහ.

බෝපත්ඇල්ල අසපුවේදී ඊයේ (17) සවස රැස්වූ බෝපත්ඇල්ල සුරැකීමේ සංවිධානය විසින් කැඳවා තිබූ සාකච්ඡාවකදී පියදස්සි හිමියෝ මේ බව පැවසූහ.

එහිදී අදහස් දැක්වූ තෙප්පනාවේ පියදස්සී හිමියෝ පැවසුවේ විවිධ විජාතික සහ ජාතික බලවේග වරින් වර බෝපත්ඇල්ල විනාශ කිරිමට නොයෙක් මුහුණුවලින් කරළියට පැමිණි බවයි. මීට පෙර පුද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදිකිරිමට උත්සාහ ගත් බවත් මහජන විරෝධයන් හමුවේ එකී සැලසුම් අකුලාගත් බවත් උන්වහන්සේ පැවසූහ. දැන් ජනතාවට පානීය ජල පහසුකම් ලබා දෙන්න යැයි ජනතා අවශ්‍යතාව නම් කැරට් අලය ඉදිරියට දමා බෝපත් ඇල්ල විනාශ කිරීමේ සැලසුමක් සකස්කර අවසන් බව ද උන් වහන්සේ කීහ.

මහජනතාවට පානීය ජලය ලබාදීමට තමන් වහන්සේ කිසිවිටක විරුද්ධ නැති බව අවධාරණය කළ පියදස්සී හිමියෝ ඒ සඳහා බෝපත් ඇල්ලේ ඉහළින් නොව ඇල්ලට පහළින් කුරුගඟේම පිහිටි පන්වලෙන් ජලය ලබාගන්නැයි ඉල්ලා සිටියහ. එවැන්නකට කිසිම කෙනෙක් විරුද්ධ නොවන බව කී උන්වහන්සේ එවිට බෝපත් ඇල්ලත් ආරක්‍ෂාවී මහජනතාවගේ පානීය ජල උවමනාව ද සපිරෙන බව පැහැදිලි කළහ.

තමන් වහන්සේ ද රැස්ව සිටින මහජන නියෝජිතයන්ගේ ඇතුළු පොදු ජනතාවගේ ද හඬට කන්නොදී බෝපත් ඇල්ල ඉහළින් ම මෙම පානීය ජල ව්‍යාපෘතියට වතුර ගැනීමට කටයුතු කළහොත් අපවත්වන තුරු උද්ඝෝෂණය කර හෝ බෝපත් ඇල්ල රැකගන්නේ යැයි ද පැවසූහ.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් මෙන්ම ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුවිට ප්‍රාදේශීය සභා සභික ආර්.ඩිලාන් දර්ශන රණසිංහ මහතා පැවසුවේ මෙම පානීය ජල යෝජනා ක්‍රමය අලුත් එකක් නොව 2013- 2014 කාලයේ සැලසුම් කර ප්‍රතිපාදන නොමැතිව අතරමග නවතා තිබූ පුවක්වත්ත පානීය ජල යොජනා ක්‍රමය යළි ක්‍රියාත්මක කිරිමක් බවයි.

බෝපත් ඇල්ලට ඉහළින් කුරුගඟ මීටර් පනහක් පළල බවත් ගඟ හරහා ඉවුරට ආසන්නයෙන් අඩි තුනක බැම්මක් බැඳ තත්පරයට ගණ මීටර් දශම එකක ජල ප්‍රමාණයක් පමණක් ගැනීමට සැලසුම් කර ඇති සැලැස්මක් යැයි ද ඔහු පැහැදිලි කළේය. යෝජිත විසල් රත්නපුර ජල යෝජනා ක්‍රමයට සමගාමීව මෙය සිදුකිරිමට නියමිත බවත් කලින් මෙය පුවක්වත්ත ජලයෝජනා ක්‍රමය ලෙස සැලසුම්කර තිබූ බවත් කීවේය.

මහජනතාව පානීය ජල හිඟයෙන් පීඩා විදිම වැඩි වුවහොත් දියඇල්ලක අවශ්‍යතාව අභිබවා ජනතා උවමනාවන්වලට මුල්තැන දෙන්නට යැයි අද විරෝධය පළකරන පිරිස් එදාට ඉල්ලා සිටිවි යැයිද ආර්.ඩිලාන් දර්ශන රණසිංහ මහතා පැවසුවේය. මෙම ව්‍යාපෘතිය පුද්ගලික එකක් නොවන බවත් ජාතික ජලසම්පාදන මණ්ඩලයේ මුදල් වැය කර සිදුකරන එකක් බවද කී ඔහු මේ ව්‍යාපෘතිය හොඳින් අධ්‍යයනය කරන්නැයි විරුද්ධ වන පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද කීය.

කුරුවිට ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සභික ප්‍රේමා ගම්ගත් මහත්මිය පැවසුවේ මෙවැනි තීරණයකින් ලංකාවේ සංචාරක කර්මාන්තයට, ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ද බොපත් ඇල්ලට සිදුවන හානියට සමාන හානියක් සිදුවන නිසා ඇල්ලට ඉහළින් ගඟ හරස්කර ජලය ලබාගැනිමට තමන් ද විරුද්ධ බවයි. බෝපත් ඇල්ලට පහළ පන්වලෙන් එකී ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීම සම්බන්‍ධයෙන් තමන්ගේ ද විරෝධයක් නැති බවද ඇය පැවසුවාය.

ජනතා විමුක්ති පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභා සභිත විකසිත පුෂ්පකුමාර මහතා පැවසුවේ බෝපත්ඇල්ලට හානි ගෙනෙන ආකාරයෙන් ඇල්ල ඉහළින් මෙම පානීය ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීමෙන් පාරිසරික, ආර්ථික සහ සමාජයීය ගැටලු රැසකට මුල පුරන බවයි. ජනතාවට ජලය ලබාදීමට තමන් කිසිවිටක විරුද්ධ නොමැති බව පැහැදිලි කළ ඔහු නයාත් නොමරා, පොල්ලත් නොකඩා ගැටලුව විසඳා ගැනීමට හොඳම ක්‍රමය බෝපත් ඇල්ලට පහළින් ඊට ජලය ලබා ගැනීම යැයිද කීවේය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභික එස්.ඩබ්. රංජිත් මැන්දිස් මහතා පැවසුවේ ප්‍රදේශයේ ජනතාවට පායන කාලවලදි පානීය ජල ගැටලුව උග්‍රවන බවයි. මෙම ව්‍යාපෘතිය කරන්නටම ඕනෑනම් බෝපත් ඇල්ලට ඉහළින් ජලය ලබාගැනීමට යෝජිත තැනට තවත් ටිකක් ඉහළින් ගඟ හරස් කිරීමෙන් ජලය ලබාගැනීම සුදුසු බව තමන්ගේ අදහස යැයි ද ඔහු කීය.

රත්නපුර මහ නගර සභාවේ ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණේ නාගරික සභික ඉන්දික කලුආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේද බෝපත් ඇල්ලත් ආරක්‍ෂාකර ගනිමින් පානීය ජල ව්‍යාපෘතිය ද කළ යුතු බවයි. ඊට හොඳම විසඳුම බෝපත් ඇල්ලට පහළින් පානීය ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීම යැයිද ඔහු කීවේය. එවිට මහජන විරෝධයක් නොමැතිව ගෝලීය සංවර්ධන ඉලක්කයකට යා හැකි බව සැලසුම් කරන්නන් අවබෝධයෙන් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

සීමාසහිත කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපති තරංග ඩිල්ෂාන් මහතා අදහස් දක්වමින් ලෝකයටම එකක් වූ දර්ශනිය බෝපත් ඇල්ලට ද හානි නොකර ඊට පහළින් ජලය ලබාගෙන මේ පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර බෝපත් ඇල්ලත් රැකගෙන මහජනයාගේ පානීය ජල අවශ්‍යතාවද සපුරාලිය හැකි සාධනීය තැනකට රජය යොමු කරවන්නැයි ඩිලාන් දර්ශන රණසිංහ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය.

බෝපත්ඇල්ල සුරැකීමේ සංවිධානයේ සභාපති මාධ්‍යවේදී එල්. රුවන් ලියනගේ මහතා පැවසුවේ ගඟ ඉහළ ඇති පුද්ගලික ජල විදුලි බලාගාරවලින් පායන කාලයට විදුලිය නිපදවීමට ගඟේ ජලය හරස්කර නළ මගින් පහළට ගැනීම නිසා ගඟ දෙපස පාරිසරික ගැටලු දැනටමත් ඇතිවී තිබෙන බවයි. ඒනිසා ඇතැම් දිනවල බොපත්ඇල්ල පැය කිහිපයක් කේඩෑරිවී ජලය නොමැතිව කුඩා දියපාරක් සේ දිස් වෙද්දී ස්ථිරවම ගඟේ වතුරපාර වෙනතකට ගැනීමේදී බෝපත්ඇල්ල ගැන කවර කතාදැයි පැවසුවේය.

No comments

Ads Place