Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට යාබද වත්තේ කපන ලද කිතුල් ගසක් වැටි මිය යයි…

  වැලිපැන්න කුරුඳුවත්ත ගබඩා හංදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටියදී යාබද වැට මායිමේ කපමින් සිටී කිතුල් ගස එම ...


 වැලිපැන්න කුරුඳුවත්ත ගබඩා හංදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය ගෙවත්තේ ලිඳෙන් දිය නාමින් සිටියදී යාබද වැට මායිමේ කපමින් සිටී කිතුල් ගස එම කාන්තාවගේ ඇඟ මත වැටීමෙන් බරපතළ තුවාල ලබා මරණයට පත්වී ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ රමණි වසන්තා ගුණතිලක (52) නැමැති කාන්තාවකි මෙම මරණය සම්බන්ධයෙන්එම කිතුල් ගස් අනාරක්ෂිතව කැපීමට කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු වැලිපැන්න පොලිසිය මගින්අත්අඩංගුවට ගත් බව කියයි.
.මියගිය කාන්තාවඑම නිවසේ මාසික කුලී පදනම මත පදිංචිව සිටියදී මෙම අවාසනාවන්ත ලෙස මරණයට පත් වී තිබෙන බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි.

එලෙස කැපීමට කටයුතු කර තිබූ කිතුල් ගස කඹයක් ගැටගසා ඇදීමට කටයුතු කළත් එම කඹය පාලනය කරගත නොහැකිව අනාරක්ෂිත වීමෙන් මෙම මරණය සිදුවී සිදු වී තිබෙන බව පොලිසිය කියයි .

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල් කරා ගෙන යෑමට ද සිදු වූ ප්‍රමාදයක් හේතුවෙන් මරණයට පත් පත්වන්නට ඇතැයි විශ්වාස කරන බව එම නිලධාරීන් කියයි .

වැලිපැන්න පොලිසිය ස්ථානාධිපති ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි
නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කරයි

No comments

Ads Place