Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු...

 



පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහොමඩ් නවාස් නමැති සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ඉන්දීය ජාත්‍යන්තර පොලිස් ශාඛාව විසින් දැනුම් දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


සැකකරු දිවයිනට ගෙන්වා ගැනීම සදහා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


මේ අතර ගුවන් තැපෑල ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ කූෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 150ක් රේගු භාරයට ගෙන තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය තොගය පාර්සල් පහක අසුරා තිබු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධිකයි. එම මත්ද්‍රව්‍ය රේගුවට අයත් ගුදමක ගබඩා කර තිබු අතර එම පාර්සල්වල හිමිකරුකරුවන් එය මුදා ගැනීමට නොපැමිණීම හේතුවෙන් සැකසිතූ රේගු නිලධාරීන් එහි ලිපිනයන් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබුණා. 


කෙසේවෙතත් එම පාර්සල්වල ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවට තොරතුරු තහවුරුවීමත් සමග අදාළ පාර්සල් තොගය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි විවෘත කෙරුණු අතර එහිදී එම මත්ද්‍රව්‍ය සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.  

nethnews

No comments

Ads Place