Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ද කිරීම අගරදගුරුගේ බලපෑමෙන්ද…

  පාස්කු කොමිසමේ වාර්තාව ලබා දුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිමිපාණන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බව විපක්ෂයට පක්ෂපාතී වෙබ් අඩවි පෙන්වා දීමට උත්සාහ...

 


පාස්කු කොමිසමේ වාර්තාව ලබා දුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිමිපාණන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බව විපක්ෂයට පක්ෂපාතී වෙබ් අඩවි පෙන්වා දීමට උත්සාහ ගත්තත් එසේ නොවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ දින කැබිනට් මණ්ඩලයට යොමු කර තිබිණි.

මෙසේ කැබිනට් මණ්ඩලයට මෙම වාර්තාව ලබා දීම ප්‍රමාද වූයේ එහි සිංහල පිටපත සකස් කර නොතිබූ නිසාය. ඒ අනුව ඊයේ දින කැබිනට් මණ්ඩලයට සිංහල පිටපත් සමග පාස්කු කොමිෂන් වාර්තාව ඉදිරිපත් කලේ කිසිවෙකුගෙන් වූ බලපෑම නිසා නොවන බවත් ආරංචි මාර්ග පවසයි.

තවද බ්‍රහස්පතින්දා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම පාස්කු කොමිෂන් වාර්තාව සභාගත කිරීමටද නියමිතව ඇත.

කතානායක වරයාට අද දින ලබාදුන් වාර්තාවේ පිටපත සියලු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පුස්තකාලයටද ලබා දී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කලේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා හැත්ත තුන් වෙනි නිදහස් සමරු උළෙලේදීත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් ලබා දෙන බවට ප්‍රත්‍යක්ෂව ප්‍රකාශ කළ බව විපක්ෂය අමතක කර ඇති බවත් මෙහිදී එම ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරයා මේ මස පළමුවැනිදා තමා අතට පත් වූ වාර්තාව සිංහල පරිවර්තනය කළ විගසම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

No comments

Ads Place