Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනය මහනගරාධිපතිවරයාගේ පළමු වැටුප යාපනය සරසවියේ යුද ස්මාරකය වෙනුවෙන් ලබාදෙයි

  යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා විසින් සිය පළමු වැටුප යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකෙරෙන යුද ස්මාරකය වෙනුවෙන් ලබාදීමට පියවර ගෙන ඇ...

 


යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා විසින් සිය පළමු වැටුප යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකෙරෙන යුද ස්මාරකය වෙනුවෙන් ලබාදීමට පියවර ගෙන ඇත.

යාපනය මහනගරාධිපති වශයෙන් පත්වීමෙන් පසුව ලැබුනු මාසික වැටුප වූ 35,462 ක මුදලක් යාපනය විශ්වවිද්‍යාලයේ කඩා දැමුනු යුද ස්මාරකය නැවත ඉදිකිරීමේ කටයුතු සඳහා ලබා දීමට විශ්වලිංගම් මණිවණන් මහතා විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍යසංගමයේ නමින් ඇති මහජන බැංකුවේ ගිනුම් අංකයට බැරකිරීමට යාපනය මහනගරාධිපති වරයා විසින් පියවර ගෙන ඇත.

යාපනය මහනගරසභාවේ වාර් ෂික අයවැය දෙවරක් පරාජය වීමත් සමග හිටපු මහනගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් පරාජය කොට නව මහනගාරාධිපති වශයෙන් විශ්වලිංගම් මණිවන්නන් මහතා පතුවුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ යුදසමයේදී මියගිය වැසියන් සිහිපත් කිරීම උදෙසා ඉදිකොට තිබූ යුද ස්මාරකය කඩාදැමීමෙන් පසුව නැවත එය ඉදිකිරීමට තීරණය කිරීමත් සමග ස්මාරකය ඉදිකිරීම සඳහා යාපනය මහාශිෂ්‍ය සංගමය විසින් ආධාර පතා මහජන බංකුවේ ගිනුමක් විවෘත්ත කොට ඇති අතර ඒ සඳහා මේ වන විටත් මුදල් ආධාර රැසල් ලැබී ඇති බවට වාර් ථා වෙයි.

No comments

Ads Place