Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ඉන්දීය කොරෝනා එන්නත් පන් ලක්‍ෂයක් පස්වරුවේ දිවයිනට

  ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා පන් ලක්‍ෂයක් අද පස්වරුවේ දිවයිනට රැුගෙන ඒමට නියමිතව තිබෙනවා. ශ...

 


ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා පන් ලක්‍ෂයක් අද පස්වරුවේ දිවයිනට රැුගෙන ඒමට නියමිතව තිබෙනවා. ශී‍්‍ර ලංකා රජය ඉකුත්දා මෙම එන්නත් ඇණවුම් කළ අතර ඒ අනුව එම එන්නත් මාත‍්‍රා තොගය අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි.


මීට පෙර ඉන්දීය රජයේ ප‍්‍රදානයක් ලෙස ශී‍්‍ර ලංකාවට ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා පන් ලක්‍ෂයක් හිමි වුණා. ඉන් මේ වනවිට එන්නත් මාත‍්‍රා තුන් ලක්‍ෂ පනස් දහසකට අධික ප‍්‍රමාණයක් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 


මේ අතර බස්නාහිර පළාතේ තෝරාගත් අවදානම් සහිත ග‍්‍රාම නිලධාරී කොට්ඨාශවල වෙසෙන ජනතාව සදහා අද දිනයේද කොරෝනා මර්දන එන්නත ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.


කොරෝනා මර්දන එන්නත ලබාදෙන ඇතැම් වෛද්‍ය මධ්‍යස්ථානවලදී උණුසුම් තත්ත්තවයන් ඇති වූ බව වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන්ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කරුණු දැක්වූවා.

No comments

Ads Place