Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට බේරාගත හැක්කේ බැසිල්ටයි.. ඔහු ඉක්මනින් පාර්ලිමේන්තු පැමිණීය හැමෝගෙම පැතුමයි..- කනක

  බැසිල් රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව පිවිසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකයන්ගේ එකම බලාපොරොත්තු බව රාජ්‍ය ඇමති කනක හ...


 බැසිල් රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව පිවිසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකයන්ගේ එකම බලාපොරොත්තු බව රාජ්‍ය ඇමති කනක හේරත් මහතා පවසයි.

විධිමත්ව සහ කාර්යක්ෂමව රට බේරා ගැනීමේ හැකියාව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට බව ද පැවසූ ඔහු ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඉක්මනින් පාර්ලිමේන්තු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

රඹුක්කනදී පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

සාම්ප්‍රදායික දේශපාලන ආකෘතිවලින් ගැලවුණු දේශපාලන නායකත්වයක් රටට අවශ්‍ය බවද එය ඉටු කිරීමනම් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය දිය යුතු බවද ඔහු තව දුරටත් පැවසීය.

No comments

Ads Place