Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දීය-ශ‍්‍රී ලංකා හවුල් සමාගමකටයි..

  බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. දෙවන ලෝක යුධ සමයේ ඉදිකරපු මේ ටැංකි සමූහය...

 


බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

දෙවන ලෝක යුධ සමයේ ඉදිකරපු මේ ටැංකි සමූහයේ තෙල් ටැංකි අනු නමයක් තියෙනවා. මේ වන විට එක තෙල් ටැංකියක තෙල් මෙට්‍රික් ටොන් දහදාහක් ගබඩා කරන්න පුලුවන්. ඒ අනුව තෙල් ටොන් නවලක්ෂ අනුව දාහක් ගබඩා කිරීමේ ධාරිතාවයක් මේ තෙල් ටැංකි සමූහය සතුයි . වෙනත් වචන වලින් කියනවා නම් , ශ්‍රී ලංකාවේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවෙන් මාස දෙකකට අවශ්‍ය ඉන්ධන මේ තෙල් ටැංකි තුළ ගබඩා කරන්න පුළුවන් .

දෙවන ලෝක යුද සමයේදී මේ තෙල් ටැංකි ඉදි කළේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලංකාවට නිදහස දුන්නත් තෙල් ටැංකි ටික තමන් භාරයේ තමයි තියාගත්තෙ මෙහි තියෙන උපායමාර්ගික වැදගත්කම නිසාම . 1964 වර්ෂයේදී එවකට සිටි අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත් වීමෙන් , බ්‍රිතාන්‍යෙයට ස්ටලින් පවුම් දෙලක්ෂ පනස්දාහක් ගෙවා මෙම තෙල් ටැංකි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කරන්න එතුමිය කටයුතු කළා.

නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මෙම ටැංකි කවර කවකදාකවත් නිසි ලෙස භාවිතා කිරීමක් වුණේ නෑ. ඒ නිසා මේ ප්‍රදේශයේ මේ ටැංකි වල් බිහිවෙලා, දිරාපත් වෙලා විනාශ මුඛයට යමින් තිබුනා . ඒ අතරේ 2003 පෙබරවාරි 7 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, බ්‍රිතාන්‍යන්යෙන් මේවා ගන්නවා, නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2003 පෙබරවාරි 7 වැනිදා වසරකට එක් ටැංකියක් ඩොලර් 1000 ක් වැනි මුදලකට ටැංකි 99 ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට වසර 35 කට බදු දීමට කටයුතු කරා. ඒ කියන්නේ 2038 වසර දක්වා. එයින් ගෙවි තියෙන්නේ වසර 18 ක් පමනයි .

ගිවිසුමක් හරහා මෙම තෙල් ටැංකි වල භුක්තිය ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දුන්නත්,විස්තරාත්මක බදු ගිවිසුමක් අස්සන් කරන්න එවකට සිටි ආණ්ඩුවවත් ඉන් පසුව පත් වුණු ආණ්ඩුවත් කටයුතු කරේ නැහ. එහි ප්‍රතිඵලයක් විදියට මේ ටැංකිවල ආරක්ෂාව කොහොමද ? අලාභයක් වුනොත් කාගෙන්ද අයවෙන්නෙ ? යනාදී කිසිම දෙයක් පිළිබඳ එකඟතාවයක් නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට මෙම ටැංකි වලින් සාතිශය බහුතරයක් කැළෑවෙන් වැහිලා ගිහිල්ලා තියෙනවා විතරක් නෙමෙයි සොරුන් මෙහි තියෙන වටිනා ලෝහ කපාගෙන ගිහින් තියෙනවා.ඒ වගේම මේ ටැංකි විනාශ මුඛයට යමින් පවතිනවා.

දැනට මේ ටැංකි අනුනවයෙන් ලංකා ඉන්දියානු තෙල් සමාගම පාවිච්චි කරන්නේ ටැංකි 15ක් පමණයි . ටැංකි අනු නමයම මොවුන් බද්දට ගත්තත් දැනට භාවිතා කරන්නේ තෙල් ටැංකි පහළොවක් පමණයි. සෑම ආණ්ඩුවක්ම මෙම තෙල් ටැංකි සංවර්ධනය කර ආදායම උපයන තැනක් බවට පත් කිරීමට වෑයම් කරත් කිසිම ආණ්ඩුවකට එය කර ගැනීමේ හැකියාවක් ලැබුණු නෑ .

අපි ඉන්දියානු ආණ්ඩුව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ටැංකි කළමනාකරණය කිරීමේ අයිතිය ලංකා ඛණිජ තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමිවෙන, ඉතිරි කොටස් ටික ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමිවන සමාගමකට පැවරීමට එකඟතාවක් ඇති කර ගන්න අපිට පුළුවන් වුණා. වෙනත් වචනවලින් කියනවා නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බහුතර කොටස් තියන සමාගමක් කියන්නේ , විගණකාධිපතිවරයා විසින් ගිණුම් විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට අධ්‍යක්ෂකවරුන් කැඳවා ප්‍රශ්න කළ හැකි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම සමාගමේ කටයුතු පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා ගෙන් ප්‍රශ්න කළ හැකි, රාජ්‍ය සමාගමක් හරහා තමයි මෙම තෙල් ටැංකි පාලනය කිරීම සිදුවන්නේ.

මෙම සමාගම මගින් මෙම තෙල් ටැංකි කළමනාකරණය කරන කාල සීමාව, කොටස් හිමියන් අතර ඇති කරගන්නා එකගතා ගිවිසුම, මෙම තෙල් ටැංකි වලින් කොතරම් ටැංකි ගණනක් ඛණිජ තෙල් සංස්ථාවට නිදහස් කරනවා ද යන්න වැනි කාරණා තවදුරටත් සාකච්ඡා කරන්න නියමිතයි. මූලික සංකල්පීය එකඟතාව තමයි පළවෙනි සාකච්ඡා වටයේදී අපට අවසන් කරන්න පුළුවන් වුනේ. විස්තරාත්මක සාකච්ඡා අවසන් වුණාට පස්සේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර විවෘත පත්‍රිකාවක් හරහා එකඟතාවයේ සියලුම කරුණු ජනතාව ඉදිරියේ තැබීමටත්, ඊට පස්සේ මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් ,ජාතික සංවිධාන, වෘත්තීය සමිති සියලුම අයත් එක්ක සාකච්ඡා කරලා, එයින් ඉදිරිපත් වන යහපත් ප්‍රයෝජනවත් අදහසුත් අඩංගු කරගෙන තමයි අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරල මේ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තුවෙන්නේ.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ද මේ සදහා සහභාගී විය

No comments

Ads Place