Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝලීය ආර්ථිකයේ අපේ පංගුව වැඩිකර ගැනීමට කැප වෙන බව ජනපති ලෝකයට කියයි..

  ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රා...


 ගෝලීය ආර්ථිකය තුළ අපේ වෙළෙඳ පංගුව වැඩිකර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීමට රජය කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ඊට ප්‍රතිඥා දුන්නා සේම රජය වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් ද ස්ථාපනය කළේ මේ අරමුණ ඇතිව බව එතුමා කියයි.

විද්‍යාව හා තාක්ෂණය සදහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභා රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තාක්ෂණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ජාතික විද්‍යා හා පර්යේෂණ කොමිෂන් සභාව සංවිධාන කළ සමුළුව කොළඹ මිලෝදා මූල්‍ය අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව මෙවර සමුළුවේ සභාපතිත්වය සහ සත්කාරකත්වය දරන අතර රටවල් 22ක නියෝජිතයෝ Zoom තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වූහ.

තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමටනම් ස්වදේශීය තාක්ෂණය නවීන තාක්ෂණ සමග ඒකාබද්ධ විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පරිසර හිතකාමී දේශීය සහ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව ආඩම්බරවිය හැකි ඉතිහාසයක් අපට තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය විද්‍යාවට හා තාක්ෂණයට, පර්යේෂකයන්ට, විද්‍යඥයන්ට සහ නව නිපැයුම්කරුවන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීමේ විභවතා විදහා දැක්වීමට අවස්ථාව උදා කළ බව ජනාධිපතිතුමා කීය.

දශක 03ක ඉදිරි සැලසුම් පිළිබඳව මෙවර සමුළුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සාමාජික රටවල් අතර විද්‍යා හා තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීමටත්, මීළග කාර්යාංශ රැස්වීම 2021 සැප්තැම්බර් මස මුරුසියේදී පැවැත්වීමටත් එකඟත්වය පළ විය.

සාමාජික රටවල් අතර හුවමාරු කරගත් දැනුම පාදක කරගනිමින් රචිත පොත් 05ක් එළිදැක්වීම ද සිදු කෙරිණ.

විදෙස් තානාපතිවරු, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ මෙරට රාජ්‍ය ආයතන ප්‍රධානීහූ ඇතුළු පිරිසක් සමුළුට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

No comments

Ads Place