Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිනෙන් දින ඉහළ යන ආසාදිතයින්ට හේතුව බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදයද විය හැකියි - වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණවල බරපතල වෙනසක් නොමැති බවත් එය ආසාදනයවූ පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙක...


බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ රෝග ලක්ෂණවල බරපතල වෙනසක් නොමැති බවත් එය ආසාදනයවූ පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි ඉඩකඩක් ඇති බැවින් ඉදිරියේදී ආසාදිතයින් වැඩිවීමේ හැකියාවක් පවතින බව නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.


ඔහු සඳහන් කලේ මෙම බ්‍රිතාන්‍යය වෛරස් ප්‍රභේදය සෙසු වෛරස් කාණ්ඩ වලට වඩා සියයට 70 කින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් මේ හේතුවෙන් වෛරසය ව්‍යාප්ත වීම නිසා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකි බවයි.


මේ වන විටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවත් ඇතැම් විට මෙය ඊට හේතුවක් විය හැකි බව පැවසූ ආචාර්ය චන්දිම ජිවන්දර මෙම නව ප්‍රභේදය ඊට හේතුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට හැක්කේ ඉදිරියේදී සිදුකරනු ලබන ජානමය පරීක්ෂණ මගින් ලැබෙන ප්‍රථිපල මත බවයි ආචාර්යවරයා සඳහන් කළේ. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආසාදිතයින්ගේ සාම්පල් පරික්ෂා කිරීම වැදගත් බවත් පසුගිය කාල සිමාවන් තුලදී සිදුකළ පර්යේෂණ මගින් වාර්තා වූ අලුත් සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර ගත් බවද ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියා. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර, 


" ඕනෑම වෛරසය පැතිරෙන්න පැතිරෙන්න තමයි ඒවා විභේදනයට ලක්වෙන්නේ. එහෙම ලංකාව පුරා පතිරුනොත් විභේදනය වීමේ හැකියාවක් තිබෙනවා. එහෙම උනොත් අපි ඒ ගැන හොද අවධානයෙන් පසුවනවා. දැනටත් මාසයකට දෙවතාවක් ජානමය පරීක්ෂාවන් සිදුකරනු ලබනවා. ලංකාවේ එවැනි පරීක්ෂණයක් සිදුකරන්න හැකියාව තිබෙන එකම ආයතනය මෙයයි. ඉතින් අපේ ධාරිතාව දැන් වැඩිකරලා තිබෙනවා. අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ, අපි අවශ්‍ය සියලු පර්යේෂණ සිදුකරනු ලබනවා."

No comments

Ads Place