Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තා නිලධාරිනියන්ට වෙනස්කම් නොකරන බවට පොලිසියෙන් ප්‍රකාශයක්

 ශ්‍රී ලංකා පොලිසිය කාන්තා නිලධාරිනියන්ට වෙනස්කොට සැලකීම සිදුවන බවට සහ අසාධාරණකම් සිදු කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පොලිස් ...


 ශ්‍රී ලංකා පොලිසිය කාන්තා නිලධාරිනියන්ට වෙනස්කොට සැලකීම සිදුවන බවට සහ අසාධාරණකම් සිදු කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඇතැම් කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන අයුරින් කටයුතු කර ඇති බවට සහ ඇතැම් නිලධාරිනියන් පුද්ගලික පලිගැනීම්වලට ලක්ව ඇති බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාලාවල පළවූ පුවත්වලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. 


ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා නියෝජනය තවදුරටත් වර්ධනය කිරීම සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 01 ක්, කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු 04 ක්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු 12 ක් ඇති කිරීම සඳහා 2019 වසරේ දෙසැම්බර් මස 12 වනදා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. 


කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එක් තනතුරක් පමණක් අනුමතව තිබියදී ජාතික පොලිස් කොමිෂන් සභාව හා සාකච්ඡා කර එයට අමතරව කාන්තා නිලධාරිනියන් 09 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා 2019 වසරේදී කටයුතු කර ඇති බව ද එම නිවේදනයේ සඳහන්. 


රාජ්‍ය ආයතනවල අනුමත තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් හට වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව ශ්‍රී ලංකා පොලිසිය තුළ ද තනතුරුවලින් සියයට 15 ක ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් සඳහා සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා. පොලිස් නිලධාරිනියන් වෘත්තීමය වගකීම් ඉටු කිරීමට බැඳී සිටිය ද ඔවුන්ට තම පවුල් ඒකකය තුළ මවක්, බිරිඳක් ලෙස පැවරී ඇති සුවිශේෂී භූමිකාවට කිසිදු හානියක් නොවන පරිදි රාජකාරි සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට නිරන්තරයෙන් කටුතු කර ඇති බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

No comments

Ads Place