Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හක්කපටස් යොදා සතුන් මරා ජයටම දඩ මස් අලෙවි කරලා

  ගිරිබාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන බොහොමයක හක්කපටස් යොදා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරිම ජයටම සිදුකරන බව ප‍්‍රදේශවාසීහු පවසති. මරද...

 


ගිරිබාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන බොහොමයක හක්කපටස් යොදා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරිම ජයටම සිදුකරන බව ප‍්‍රදේශවාසීහු පවසති.


මරදන්කල්ල, ගම්පොල, හෙට්ටිආරච්චිගම, සංගප්පාලය ඇතුළු ගම්මාන ආශි‍්‍රතව ලඳු කැලෑවල දඩ මස් ජාවාරම සිදුකරනු ලබයි. හක්කපටස් යොදා මරණයට පත් කරන සතුන්ගේ මස් පිට පළාත්වලට ප‍්‍රවාහනය කරනු ලබයි. ඌරන්, මුවන්, හාවුන් වැනි සතුන් එලෙස බහුල වශයෙන් මරා දමයි.


ආණමඩුව, හලාවත, තඹුත්තේගම වැනි දුරබැහැර ප‍්‍රදේශවල පුද්ගලයන් සුඛෝපභෝගී වාහනවලින් පැමිණ මස් තොග පිටින් රැුගෙන යන බව ප‍්‍රදේශයේ ජනතාව පවසති. සුඛෝපභෝගි වාහනවලින් මස් ප‍්‍රවාහනය කරන නිසා කිසිවකු සැක නොකිරීමෙන් ජාවාරම කාලයක් පුරා සිදු වෙන බව ප‍්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.


ගම්මාන ආශි‍්‍රතව පිහිටි බඩවැටි සහ ලඳු කැලෑවල සතුන් දඩයම් කිරීම සඳහා යොදන හක්කපටස් ආහාරයට ගැනීම නිසා ගවයින්, එළුවන් වැනි සතුන් ද නිරපරාදේ විනාශයට පත් වන බව ගම්මානවල ජනතාව පවසති.


දැනට වසර පහක පමණ කාලයක සිට සිදුවන මෙම දඩ මස් ජාවාරම පිළිබඳ වනජිවී බලධාරින්ට කොතෙක් දැනුම් දුන්නත් කිසිම පියවරක් නොගන්නා බව ප‍්‍රදේශයේ ජනතාව පවසති.

noizetv

No comments

Ads Place