Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුන්තූරු මලෙයි කැනීම් වලින් හමුවී ඇත්තේ ශිවලිංගයක්

මුලතිව් කුරුන්තූරු මලෙයි පුරාවිද්‍යා කැනීම් වලින් හමුවී ඇත්තේ අෂ්ට තාරා ශිවලිංගයක් බව ඉතිහාසඥ ආචාර්ය එන්.කේ.එස්. තිරුච්චෙල්වම් මහතා පවසයි. ම...


මුලතිව් කුරුන්තූරු මලෙයි පුරාවිද්‍යා කැනීම් වලින් හමුවී ඇත්තේ අෂ්ට තාරා ශිවලිංගයක් බව ඉතිහාසඥ ආචාර්ය එන්.කේ.එස්. තිරුච්චෙල්වම් මහතා පවසයි.


මේ අතර ආචාර්ය උදයශීලන් මහතා පවසන්නේ එය අෂ්ට තාරා ශිවලිංගයක් බවත් එම ශිවලිංගය හා නටබුන් පල්ලව යුගයේ වාස්තු විද්‍යාත්මක සැලසුම් වලට සමාන බවත්ය.


මෙමශීවලිංගයට සමාන ශිවලිංගයන් තමිල්නාඩුවේ කුම්බගෝනම්හි කූන්තූර් මුරුගන් කෝවිලේ දක්නට ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.


කූන්තුර් කෝවිලේ නම කුරුන්තූරු මලෙයි ප්‍රදේශයේ නම් පවා සමානකමක් දක්වන බවද උදයශීලන් මහතා පෙන්වා දෙයි.


කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ කැනීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් වී නොමැති අතර මෙම කැනීම් කටයුතු වල බාර පුරා විද්‍යා නිළධාරීන් පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කුරුන්තූරු මලෙයි භූමියේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් වලින් මේ වනවිට අනුරාධපුර යුගයේ සහ දෙවන සියවස් වලට අයත් ස්තූපයක කොටසක් සහ කොත් කැරැල්ල (යුපගල) මතු කරගෙන ඇති බවයි.


මෙම පුරාවිද්‍යා භූමියේ පුරාතන ආදිශිවන් කෝවිලක් තිබුණු බවත් හින්දු බැතිමතුන් එම භූමියේ අඛණ්ඩ පුදපුජා පවත්වන බවත් පවසමින් එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කිරීමට දෙමළ දේශපාලඥයින් හා විවිධ පාර්ශව බාධා කළ අතර දෙමළ ජාතික සන්ධානය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කර තිබිණි.


කෙසේ වෙතත් මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් තවමත්  අවසන් වී නොමැත.

noizetv

No comments

Ads Place