Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව ජිනීවා කවුන්සිලය හමුවේ කරුණු දැක්වීම අද

 ශ්‍රී ලංකාව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද අමතනවා. ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස සමුළුව ඇමතීම සිදු කරන්නේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. ...


 ශ්‍රී ලංකාව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද අමතනවා. ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස සමුළුව ඇමතීම සිදු කරන්නේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. ඔහු අන්තර්ජාලය ඔස්සේ මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීම ද විශේෂත්වයක්. රජය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතුව නම් කරන ලද කමිටුව ද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගිවීමට නියමිතයි.


කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අදාල කමිටුවට අයත්. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සමුළුවේ සාමාජික රටවල් වෙත ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි.


ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ එල්ල වන චෝදනාවන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද? 


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 කට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචලේ සකස් කළ විශේෂ වාර්තාව හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 7 යි 30 ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


ඊයේ ආරම්භ වූ සැසිවාරයට, ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සම අනුග්‍රහය දැක්වූ රටවල් 06 ක්  සකස් කළ විශේෂ යෝජනාවලියක් ද භාර දීමට නියමිතයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පත් කර ඇති මධ්‍ය කණ්ඩායමට අයත් එම රටවල් වන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි රාජ්‍යයයි.


කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් අනිවාර්යෙන් ආදාහනය කිරීමේ මෙරට ප්‍රතිපත්තිය, එම රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනා අතර ප්‍රමුඛ වන බවයි වාර්තා වන්නේ.


මීට අමතරව ශ්‍රී ලංකාව තුළ සිදු කල සියලුම මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්කම මෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකුලව පළාත් සභා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටීම ද සෙසු යෝජනා අතරට අයත්.

No comments

Ads Place