Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මවක් සිය තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

  බිබිල-බදුල්ල ගම්මන ප්‍රදේශයේ පදිංචි මවක් ඊයේ (21) රාත්‍රී සිය තුන් හැවිරිදි දියණියද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇතැයි බිබිල පොලීසිය පව...

 


බිබිල-බදුල්ල ගම්මන ප්‍රදේශයේ පදිංචි මවක් ඊයේ (21) රාත්‍රී සිය තුන් හැවිරිදි දියණියද සමඟ ළිඳකට පැන සියදිවි හානිකරගෙන ඇතැයි බිබිල පොලීසිය පවසයි.


මියගොස් ඇත්තේ බදුල්ලගම්මන බෙරලියවත්ත පදිංචි 24 හැවිරිදි ඩී.එම් නදීකා ප්‍රියදර්ශනී නමැති මව සහ ටී.නෙත්සා දෙව්මිනී නැමති දැරියකි.


පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම කාන්තාව සිය දියණිය සමඟ නිවස අසල පිහිටි අඩි 40ක් පමණ ගැඹුරු ළිඳට පැන ඇත.මව සහ දියණිය ළිඳ තුළ මියගොස් සිටිනු දැක ඥාතීන් විසින් බිබිල පොලීසියට දැනුම්දී ඇත.


මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබලෙකු බවට අනාවරණයවී තිබේ.


මෙම මරණ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය බිබිල මහේස්ත්‍රාත් චතුර ප්‍රසන්න අමරතුංග මහතා විසින් අද (22) පැවැත්වීමට නියමිතය.

noizetv

No comments

Ads Place