Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටුවීම ගැන නිල ප්‍රකාශයක් කර නෑ

  ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැමති බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රක...

 


ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැමති බව බලශක්ති ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.


භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා හෝ එම පක්ෂයෙන් තේරී පත් වී සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධව පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් ගැන ප්‍රකාශ කළ හොත් ඒ පිළිබඳ රජයේ නිල මතය ප්‍රකාශ කළ හැකි බවත් ඇමැතිවරයා කියයි.


භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා මෙවැනි ප්‍රකාශයක් කළ බවට නිශ්චිත සාක්ෂියක් ලැබී නොමැති බවද, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු එවැනි ප්‍රකාශයක් කළ බවට ත්‍රිපුර මහ ඇමැතිවරයා පැවසූ බව යැයිද කී ඇමැතිවරයා, එබැවින් ‘එයා මෙහෙම කිව්වා ලු’ යනුවෙන් ‘ලු’ භාෂාවෙන් කී කතාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිල මතය ප්‍රකාශ කළ නොහැකි බවද ඇමැතිවරයා කියයි.


ඇමැති උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

noizetv

No comments

Ads Place