Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගොඩගැසී තිබුණු ටයිල් හා සනීපාරක්ෂක උපාංග සියලු තොග විකුණා ගන්න දේශීය නිෂ්පාදකයින්ට පුළුවන් වුණා – ලංකා ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂ කියයි

  මෙරට ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නිරත වී සිටි නිෂ්පාදකයින් හට ඔවුන් සතුව ගොඩගැසී තිබුණු සියලු තොග පසුගිය මාස කිහිපය තුළ ...


 මෙරට ටයිල් හා සනීපාරක්ෂක උපාංග නිෂ්පාදන කර්මාන්තයේ නිරත වී සිටි නිෂ්පාදකයින් හට ඔවුන් සතුව ගොඩගැසී තිබුණු සියලු තොග පසුගිය මාස කිහිපය තුළ දී අලෙවි කර ගැනීමට අවස්ථාව උදා වූ බව ලංකා ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා පවසයි. මේ වන විට වෙළෙඳපොළේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් පවතින හිඟය පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජයසේකර මහතා මේ බව කියා සිටියේය. මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශීය නිෂ්පාදකයින් සිය නිෂ්පාදන ධාරිතව වැඩිකිරීම සඳහා මේ වන විට නව ආයෝජන සිදුකරමින් සිටින බවයි.

අද දෙරණ වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා,

“2020 ට පෙර ලංකාවේ ටයිල් හා සනීපාරක්ෂක උපාංග වෙළෙඳපොළෙන් දේශීය නිෂ්පාදකයින් සතුව තිබුණේ 40%ක පමණ කොටසක්. 60%ක් තිබුණේ ආනයනකරුවන් යටතේ. ඒ වෙන කොට දේශීය නිෂ්පාදකයින් ලඟ විශාල තොග ගොඩගැසී තිබුණා. අපේ ආයතනවලත් මාස 10ක පමණ නිෂ්පාදිත ගොඩගැහිලා තිබුණා. මේ නිසා සමහර කර්මාන්තශාලාවල කටයුතු තාවකාලිකව නවත්වන තත්ත්වයටත් පත්වුණා. ඉතා අඩු තීරුබදු ව්‍යූහයක් යටතේ භාණ්ඩ අඩුමිලට මෙරටට පැමිණීම තමයි මීට හේතුවුණේ. 2020 අප්‍රේල් මාසයේ දී කොරෝනා වසංගතයත් සමඟ රජය ආනයන තහනම් කළා. ඒ ආනයන තහනමත් කිරීමත් සමඟ දේශීය නිෂ්පාදකයින්ට, ගොඩගැසී තිබුණු සියලු තොග අලෙවි කරගන්න පුළුවන් වුණා. 2020 දෙසැම්බර් හා 2021 ජනවාරි වෙන විට මේ සියලු තොග විකිණී අවසන් වන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.“

“නමුත් පසුගිය අයවැය හරහා පැවති තීරුබදු ව්‍යූහය තවත් අඩුකරන්න රජයට කටයුතු කළා. ඇත්තටම එය අවාසනාවන්ත තත්ත්වයක්. දැනට පවතින තීරුබදු ව්‍යූහය යටතේ ආනයනය ලිහිල් කිරීමක් කළොත් දේශීය නිෂ්පාදකයින්ට වෙන්නේ කබලෙන් ලිපට වැටිච්ච තත්ත්වයක්. මේ කාලය තුළ දී අපි බලාපොරොත්තු වුණා රජය යම්කිසි දුරකට මේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයයි කියලා. ඒ බලාපොරොත්තුවත් ඇතුව දේශීය නිෂ්පාදකයෝ සියලුම දෙනා තමන්ගේ නිෂ්පාදන ධාරිතාව වැඩිකරගන්න ආයෝජන කරන්න දැන් පිඹුරුපත් සකස් කරගෙන ඉන්නේ. සමහර අය ආයෝජනයන් පටන් අරගෙනත් තිබෙනවා. මේ ආයෝජන ක්‍රියාත්මක කරන්න අවුරුද්දක්, මාස 15ක් විතර යනවා. මේ කාලයේ දී රජය හරියාකාරයේ ඉඟියක් දෙන්න ඕනේ, මෙන්න මේ විදියට තමයි වෙළෙඳපොළේ හැසිරීම පාලනය කරන්නේ කියලා.“

“මේ වෙනකොට තොග අවසන්වීම හරහා යම්කිසි විදියකට පැමිණිලි ලැබෙනමින් පවතිනවා, මේ භාණ්ඩ සම්බන්ධයෙන් වෙළෙඳපොලේ හිඟයක් තිබෙනවා කියලා. ආනයනික ටයිල් හා සනීපාරක්ෂක භාණ්ඩ සිල්ලර වෙළෙඳාමේ නිරත වූ වෙළෙන්ඳන් සතුව භාණ්ඩ නොමැති වීම නිසා මේ හිඟය ඇතිවෙලා තිබෙනවා. නමුත් පාරිභෝගිකයාට දේශීය නිෂ්පාදිකයින්ගේ සෘජු සැපයුම්කරුවන් හරහා භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා.“

No comments

Ads Place