Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් දරුවන්ට මුහුණු ආවරණ පැළදීමේ වර්ගීකරණයට ලක් කර නැහැ - දකුණු පළාත් අධ්‍යාපන ලේකම්

  පාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලදීමේදී කිසිදු වර්ගීකරණයක් හෝ කිසිදු කොන්දේසියක් පැනවීමට කටයුතු කර නැතැයි අධ්‍යාපන බලධාරීන් පවසනවා. නෙත් නිවුස...

 


පාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලදීමේදී කිසිදු වර්ගීකරණයක් හෝ කිසිදු කොන්දේසියක් පැනවීමට කටයුතු කර නැතැයි අධ්‍යාපන බලධාරීන් පවසනවා. නෙත් නිවුස් වෙත අද උදෑසන වාර්තා වුණේ දකුණු පළාතේ ඇතැම් පාසල් බලධාරීන් විසින් දරුවන්ට එලෙස කොන්දෙසි පනවා ඇති බවයි. ඒ අනුව දරුවන් අනිවර්යයෙන්ම ශල්‍ය මුහුණු ආවරණ පැලදිය යුතු බවටත් N- 95 වර්ගයේ මුහුණු ආවරණ පැලදීම නොකළ යුතු බවටත් දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපාගෙන් විමසීමක් කළා. 


දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාසල් පද්ධතිය දෛනිකව නිරීක්ෂණය කරන බවයි. 


මේ අතර පොලිසිය පැවසුවේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ රියදුරන් හා සහයකයින් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කිරීම අද සිට දැඩි කර ඇති බවයි. 

No comments

Ads Place