Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතුකරයම අක‍්‍රිය කරමින් හර්තාලයක්.. ඉතා සාර්ථක බව ඇමති තොණ්ඩමන් කියයි..

  වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් (05) දින වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරකයක් දියත් කිරිම...

 


වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් (05) දින වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරකයක් දියත් කිරිමට ලංකා කම්කරු කොන්ග්‍රසය කටයුතු කර ඇත.

වතුකරය පුරා වතු කම්කරුවන් (05) දින දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වි ඇති අතර , කිසිදු වතු කම්කරුවෙකු (05) දින සේවයට වාර්තා කර නොමැත.

වතු කම්කරුවන්ට රු දහසක මුලික වැටුපක් ලබා දිය යුතු බවට වතු සමාගම්වලට එරෙහිව දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව වතුකරයේ සියළුම වෙලදසැල් (05) දින වසා දමා සහයෝගය දැක්විමට හැටන් ,බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , කොටගල , තලවකැලේ ඇතුළු වතුකරයේ නගර වල වෙලද සංගම් කටයුතු කර ඇත.

වතුකරයේ දමිල පාසල් වල ඇතැම් ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කර මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇති අතර, ඇතැම් ගුරුවරුන් පාසල් වල ඉගැන්විම් කටයුතු සදහා පැමිණෙන ආකාරයක් පාසල් ළමුන් පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

වතුකරයේ කෙටි දුර ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථද මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා ධාවන කටයුතු වලින් (05) දින ඉවත් වි ඇති අතර , ලංගම බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනය කටයුතු සිදු කරයි.

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර තිබු අතර ,ලංකා කම්කරු කොන්ග්‍රසයේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලන නිලධාරින්ගෙන් මෙම හර්තාලයට සහයෝගය දක්වන ලෙසට කල ඉල්ලිමක් මත  එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරිමටද එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුහ.

වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමේ යෝජනාවක් වතු වෘත්තිය සමිති වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති අතර ,ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවක් මේ මස 8 දින කොළඹදි පැවැත්වෙන බවයි වතු සමාගම්වල උසස් නිලධාරින් කියා සිටියේ.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකරය පුරා (05) දින ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය සාර්ථක අයුරින් සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ වතුකරය පුරා (05) දින ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය පිලිබදව සොයා බැලිමට යන අතරතුර මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් (05) දින ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් වතු සමාගම් යම් තිගැස්සිමකට පත් වි ඇති බවයි.

වතු සමාගම් සහ වතු වෘත්තිය සමිති අතර, ලබන 8 දින පැවැත්වෙන සාකච්ඡාවේදි වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු දහස දක්වා ලබා දිමට වතු සමාගම් එකගතාවයක් දක්වන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

No comments

Ads Place