Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහිව පොලිසියෙන්ම පෙත්සමක්

මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වීම ලද බිම්ශානී ජාසින්හ ආරච්චි මහත්මියට මෑතකදී ලබාදුන් උසස් වීම බලරහිත කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධි...


මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වීම ලද බිම්ශානී ජාසින්හ ආරච්චි මහත්මියට මෑතකදී ලබාදුන් උසස් වීම බලරහිත කරන ලෙස ඉල්ලා  ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.


සම්මත උසස් වීම් පටිපාටියට පටහැනි වන අයුරින් මෙම උසස් වීම සිදු කර ඇති බවත් එය නීතිවිරෝධී බවට තීරණය කරන ලෙසට ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන්  ගුණසේකර මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිස් දෙදෙනකු  විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.


පොලිස් පති වරයා, ජාතික පොලිස් කොමිසම  ,නීතිපති වරයා  මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් වූ බිම්ශානී ජාසින්හ ආරච්චි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තර කරුවන් ලෙසට නම් කර ඇත .


මෑතකදී කරණ ලද උසස් වීම් වලදී මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසින්හ ආරච්චි මහත්මිය උසස් කිරීමට  වගඋත්තරකරුවන්  කටයුතු කළ බව පෙත්සමෙහි  සදහන් වේ.


එහෙත්  එම රෙගුලාසි වල "කාන්තා " යන වචනය  සදහන් නොවන නිසා මෙරට කිසිදු පොලිස් නිලධාරීනියකට නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් විය  නොහැකි බව පෙත්සමෙහි සදහන් වේ.


එබැවින් මෙම උසස් වීම නීතිවිරෝධී වන බැවින් එය අවලංගු කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත . 

nethnews

No comments

Ads Place