Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොෂේන් නොහොත් “සොබා“ ගේ ගෝලයින් දෙදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස සේරම් පාර ප්‍රදේ...


 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රොෂේන් නොහොත් “සොබා“ ගේ ගෝලයින් දෙදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


ගල්කිස්ස සේරම් පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමගින් එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


ඊයේ රාත්‍රීයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබේ.


අදාළ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ජාවාරම් දැනට බන්ධනාගාර ගත ව සිටින රොෂාන් නොහොත් සොබා නැමැත්තා විසින් මෙහෙයවීම් සිදුකර ඇති බවය.


මෙහීදී සැකකරැවන් සතුව තිබී අයිස් ග්‍රෑම් 90ක්, හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද සොයාගෙන තිබේ.


සැකකරුවන් අද  (08) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



No comments

Ads Place