Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සෞදි ඔටුන්න හිමිකුමරුගේ අනුමැතිය මත සිදුවුවක් - අමෙරිකානු බුද්ධි වාර්තාව එළිදක්වයි

 මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බව...


 මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අල්ලා හෝ ඝාතනය කිරීමේ මෙහෙයුමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය අනුමැතිය ලබාදී ඇති බවට අමෙරිකා එක්සත් ජනපද බුද්ධි වාර්තාවක්  තහවුරු කර සිටිනවා.


2018 වසරේදී සිදුවූ කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ බුද්ධි වාර්තාව අමෙරිකාව විසින් මිට සුළු මොහොතකට පෙර ප්‍රසිද්ධියට පත්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


මෙම සිදුවීම වූ වහාම අමෙරිකාවේ CIA ඔත්තු සේවය තහවුරු කර සිටියේ මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය පසුපස සෞදියේ ඔටුන්න හිමි කුමරු අනිවාර්යෙන්ම සම්බන්ධව සිටින බවයි.


“සෞදි අරාබියේ ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරු තුර්කියේ ඉස්තාන්බුල්හිදී සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීම සඳහා වන මෙහෙයුමක් සඳහා අනුමත කළ බව අපි තක්සේරු කරමු” යනුවෙන් වාර්තාවේ විධායක සාරාංශය සඳහන් කර ඇත.


"තීරණ ගැනීමේදී ඔහුට පාලන තන්ත්‍රයේ තිබෙන බලය,රාජකීයත්වය, මෙහෙයුමට සම්බන්ධ වූ ඔහුගේ ආරක්ෂකයින් සහ සෘජු මැදිහත්වීම, කෂෝගීද ඇතුළුව විදේශීය විරුද්ධවාදීන් නිහඬ කිරීම සඳහා සහ ඒ සම්බන්ධයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග ගැනීමට ඔටුන්න හිමි කුමරුගේ සහය හිමිවීම" යන කරුණු තක්සේරු කිරීම මෙම තීරණය කිරීමට ප්‍රධාන සාධකයන් ලෙස වාර්තාවේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.


දීර්ඝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි මෙම බුද්ධි වාර්තාව ජෝ බයිඩ්න් ගේ පාලනය විසින් අද දිනයේදී ප්‍රසිද්ධිය පත් කිරීමට පෙර කොංග්‍රස් මණ්ඩලය වෙත නිකුත් කෙරුණා.


පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ සවුදි රජුවන සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සෞඩ් සමග දුරකථන සංවාදයක් ද පවත්වනු ලැබුවා.


පිටු 04 කින් සමන්විත මෙම බුද්ධි වාර්තාව මගින් ජමාල් කෂෝගී ගේ ඝාතනය සහ ඊට අදාළ මෙහෙයුම සඳහා සෞදියේ ඔටුන්න හිමි කුමරුගේ පවතින සම්බන්ධය ගැන තොරතුරු අනාවරණය කර තිබෙනවා.


"2017 සිට ඔටුන්න හිමි කුමරුට රාජධානියේ ආරක්ෂක හා බුද්ධි අංශවල නිරපේක්ෂ පාලනයක් ඇති අතර, ඔටුන්න හිමි කුමරුගේ අවසරයකින් තොරව සෞදි නිලධාරීන් විසින් මෙවැනි මෙහෙයුමක් සිදු කරනු ඇතැයි සිතිය නොහැකි" බව එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. 


2018 වසරේ 15 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් විසින් තුර්කියේ  ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයේදී ජමාල් කෂෝගී ඝාතනය කළ බවට චෝදනා එල්ල වුවා. පසුව විදෙස් රාජ්‍යවලින් එල්ලවූ බරපතල පීඩනය හමුවේ එම මෙහෙයුමට සම්බන්ධ පිරිස් සෞදි පොලිසිය විසින්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ද ගැනුණා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සෞදියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂාව භාර කණ්ඩායමේ සමාජිකයින් 07දෙනෙකු ද වනවා.


මෙම වාර්තාව නිකුත් වීමත් සමග ඉදිරියේදී ජනපති ජෝ බයිඩ්න් විසින් සෞදි පාලනයට එරෙහිව යම් දඬුවමක් නියමකරනු ඇති බවට අමෙරිකානු බලධාරීන් විශ්වාසය පළකර සිටිනවා.

No comments

Ads Place