Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකරා – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

  රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන අතර එහි...


 රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන අතර එහි ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන පරිදි ලංකා අයි.ඕ.සී සමාගමට ද කොටස් හිමිවන බව ඔහු සඳහන් කරනවා.

තවද යාපනයේ දූපත් කිහිපයක් චීන සමාගමකට ලබාදුන් බවට එල්ලවන චෝදනාවලටද අමාත්‍යවරයා ඊයේ (18) දින පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබාදී ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“2003දී එ.ජා.පය මේ තෙල් ටැංකි වසර 35කට බදු දුන්නා. විස්තරාත්මක බදු ගිවිසුමක් අත්සන් කරලා නැහැ. අපි ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ ටැංකි කළමනාකරණයට බහුතර කොටස් අපට හිමිවන ආකාරයට ඉතිරිය ලංකා ඓOC සමාගමට හිමිවන නව සමාගමකට යෑමට අදහස් කරනවා. අදාළ කැබිනට් පත්‍රිකාවට පෙර ජනතාව දැනුවත් කරලා ජනතා අදහස් අනුව කටයුතු අවසන් කරනවා.”

“යාපනයේ දූපතක පුනර්ජනනීය ව්‍යාපෘතියක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ටෙන්ඩර් කැඳවූවා. ලංසුව අනුව ටෙන්ඩරය හිමිවුණේ චීන සමාගමකට. එය සිදුවූයේ ඉතාමත් නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවළියක් යටතේ.”

lankaleadnews

No comments

Ads Place