Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත්කරන වැඩපිලිවෙල අවුල් කරලා.. රැස්වීම් ගැන මං දන්නෙත් නෑ… – ඇමති සුදර්ශිනී

  කොරෝ්නා එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකා වෙන් ලබාදුන් උපදෙස් පවා වෙනස් කර ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමති සුදර...

 


කොරෝ්නා එන්නත් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකා වෙන් ලබාදුන් උපදෙස් පවා වෙනස් කර ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමති සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

තමනට කොරෝනා පාලන වගකීම බාර දී තිබුණද තමන් සමහර රැස්වීම් පිළිබඳ නොදන්නා බවද ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඇය මෙසේද කීවාය.

රටේ කොවිඩ් වසංගතය පිළිබඳවත් ප්‍රතිශක්තිකරණය පිළිබඳවත් පැහැදිලි කිරීමට බලාපොරෙත්තු වෙන්නේ. අපි දකිනවා හොඳ ලක්ෂණයක් තමයි පසුගිය සතිය පුරාම වාර්තාවන කොවිඩ් ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. දවසට PCR ප්‍රමාණයෙන් පහුගිය කාලයේ 6% ත් 6.5%ක් පොසිටිව් වෙලා තිබෙනවා. මේ වෙකොට 4% දක්වා අඩුවෙලා තිබෙනවා.

ඒ එක්කම අපි ශ්‍රි ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ආරම්භ කරා ජනවාරි 29 වන දා සිට. මේ වෙන කොට ලෝකයේම එන්නත් මිලියන 128 ලබා දී තිබෙනවා. මේ මිලියන 128 න් 75% ලබා දී තිබෙන්නේ රටවල් 10 ටය.ඒ අතින් බලනකොට ශ්‍රි ලංකාව වසනාවන්තයි එන්නත්කරණය ආරම්භ කිරීම තුළින්.

කොවිඩ් මර්ධනයේ ඉදිරිපෙල කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පෞද්ගලික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීම ආරම්භ කෙරුවා. මේ වෙන කොට ජනතාවට මේ එන්නත් ලබා දීම ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබා දි තිබෙනවා.

එන්නත් තොග ලක්ෂ 5 ක් ලැබුණා ඉන්දියානු රජයේ ආධාරයක් හැටියට. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තූතිය පුද කරන්න අවශ්‍යයි. ජනාධිපතිතුමාගේ විශේෂ මැදිහත්වීම නිසා තමයි මෙම එන්නත්කරණය ජනවාරි 29 ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ. අපි සැලසුම් කර තිබුණේ මාර්තු පළවන සතියේ ආරම්භ කරන්න. අපිට ඊට කලින් ආරම්භ කරන්න හැකි වුණා.

පලවෙනි මාත්‍රාව දිලා සති 4 කින් දෙවැනි මාත්‍රාව ලබා දෙන්න ඕන කියලා. අලුත් විද්‍යාත්මක තොරතුරු, පර්යේෂණවලින් අද වෙන කොට තහවුරු කරලා තියෙනවා ඔස්කා ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දිලා දෙවැනි මාත්‍රාව සති 12 කින් ලබා දෙන කොට ප්‍රතිදේහ හැදෙන ප්‍රවණතාවය වැඩි කියලා. ඒ වගේම පර්යේෂණ හොයාගෙන තියෙනවා පළමු මාත්‍රාව අරගෙන මාස 3 ක් යන කොට 76% ක ප්‍රතිදේහ තියෙනවා. පළමු මාත්‍රාවෙන් රෝග ව්‍යාප්ත වීම 67% අඩුවෙලා තිබෙනවා.

අප්‍රේල් මැද හෝ අග සිට දෙවැනි මාත්‍රාව දෙන්නේ. ඉතිරි මාත්‍රා ටික ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කෙරුවා.කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගත්තේ දෙවැනි රැල්ලේ රෝගීන් බොහෝමයක් හිටිය නිසා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්යේ තමයි ලංකාව පුරාම රොගීන් ව්‍යාප්ත වුණේ. වැඩිම මරණ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණේ.

මේ දිස්ත්‍රික්ක දෙක ඉලක්ක කර ගත්තේ. ජාත්‍යන්තර නිර්දේශවල තියෙන්නේ ප්‍රමුඛතාවය වයස 60 අයට දෙන්න කියලා. ඒ මරණ අනුපාතය අඩු කරන්න. අපේ රටේ මරණ අනුපාතිකය 0.5% ක් වාර්තා වෙන්නේ. අපේ රෝගීන්ගේ දත්ත ගත්තාම බහුතරයක් ඉන්නේ 30 – 60 දක්වා. අපේ රටේ තීන්දුවක් ගත්තා 30 සිට ඉහළට එන්නත ලබා දෙන්න කියලා. එන්නත ලබාදීමේ අරමුණ 2ක් . එකක් තමයි මරණ අනුපාතය අඩු කර ගැනීම. ඒ නිසා තමයි 60 ඉහළ අයට අවධානය යොමු කරන්නේ. ඒ අතරම රෝග පැතිරීම පාලනය කර ගන්න. ඒ නිසා තමයි 30 සිට 60 ජනගහනය ඉලක්ක කර ගත්තේ.

අපි දැක්කා තෝරාගත්ත ග්‍රාම නිලධාරි වසම් කොළඹ මහනගර සභාව හා ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථානවල එන්නත ලබා ගත්තේ.සෞඛ්‍ය අමාත්‍යාංශ ඉතා හොඳ සැලසුම් සකස් කරලා තිබෙනවා.කොහොමද එන්නත් කරන්නේ. කොහොමද සන්නිවේදනය කරන්නේ කියලා. හදිසි යම් යම් අය ගත්ත තීන්දුවක් නිසා 30 සිට 60 ජනතාවට විතරයි එන්නත ලබා දුන්නේ. 60ට ඉහළ අයට ලබා දුන්නේ නෑ. ජනාධිපතිතුමාව දැනුවත් කරලා සහ කාර්ය සාධන බලකාය තීන්දුවක් ගත්තා 30 සිට ඉහළ සියලු දෙනාටම අනිවාර්යෙන් 60 ඉහළ අයටත් මේ එන්නත ලබා දෙන්න ඕන කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ තාවකාලිකව නැවතුණා. නැවත සිකුරාදා සිට එන්නත් කිරීම සිදු කරනවා.

වයස 30 උඩින් අයට එන්නත ලබා දෙන්න ඕන. නැවත අපිට ක්ෂේත්‍රයෙන් පසු විපරම් කරද්දි 60 අයට ලබා දෙන්න ඕන කියලා පණිවිඩයක් ගිහින් තිබෙනවා. මම අද වහාම ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මැතිතුමාට මේ පිළිබඳව කතා කෙරුවා.30ට උඩින් සියලු දෙනාටම ග්‍රාම නිලධාරි වසම් ලියාපදිංචි අයට මේ එන්නත ලබා දීම වැදගත් බව. ජනතාවට හොඳින් සන්නිවේදනය ගියේ නෑ. මම දන්නේ නැතිව තාක්ෂණික කමිටුව ගත්ත තීන්දුව පැත්තකට දාලා යම් යම් නිලධාරින් තීන්දු ගත්ත අවස්ථා තිබෙනවා. අපි නිවැරදිකරණය කිරීමට කටයුතු කරනවා.

රජය විශාල මුදලක් වැය කරනවා. නොමිලේ එන්නත් ලක්ෂ 5 ක් ලැබුණා. 20% ලැබීමට නියමිතය. තව එන්නත් ප්‍රමාණයක් මාර්තු මස 1 වන සතිය තුළ ලැබීමට නියමිතය. එන්නත් ඇනවුම් කර තිබෙනවා.අඛණ්ඩව එන්නත් කිරීම සිදු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිෂමත් එක්ක සම්බන්ධවෙලා හැම ග්‍රාම නිලධාරි වසමක ලියාපදිංචි ඡන්ද නාම ලේඛන අරගෙන වයස 30 ට වැඩි අය හදුනාගෙන ලියාපදිංචි කරන්න.

හොඳට සැලසුම් කරලා, සන්නිවේදන කරලා ප්‍රායෝගිකව සාර්ථකව මේ වැඩසටහන දියත් කරන්න හැකියාව තිබෙනවා. සංවිධාන ගැටලු මුලදි තිබ්බා. ඒවා නිරාකරණය කරමින් මේ රටේ ජනතාව කොරෝනාවෙන් ආරක්ෂා කර ගන්න. ජනාධිපතිතුමාගේ සහයෝගය ඇතිව මෙරට කොරෝනා ව්‍යාප්තිය අඩු කරන්නත් අපි කටයුතු කරනවා. කැබිනෙට්ටුව අනුමත කරලා තිබෙනවා මිලියන 10ට ඩොලර් මිලියන 52.5 ක් එන්නත් මිලදි ගැනීමට. ලෝකයේ විශාල තරඟකාරිත්වයක් තියෙනවා. අපිට සල්ලි තිබුනත් එන්නත මිලදි ගැනීමට තරඟකාරිත්වයක් තිබෙනවා. අපේ අරමුණ ජනගහණය 60% ට එන්නත ලබා දෙන්නයි.

අවුරුදු 18 ට අඩු දරුවන්ට ද ගර්භණි මව්වරුන්ට, කිරි දෙන මව්වරුන්ට මේ එන්නත ලබා ගැනීමට හැකියාව නැහැ. ජන ජිවිත සාමාන්‍ය තත්ත්වයට ගෙන්න මේ අවුරුද්දේ මැද වෙනකොට බොහෝදුරට ඉඩ තියෙන බව අපි මේ අවස්ථාවෙදි මතක් කරන්න ඕන. චිනයේ එන්නතක් සහ රුසියාවේ ස්පුට්නික් 5 එන්නත ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලුම් පත්‍ර ලැබිලා තිබෙනවා.

No comments

Ads Place