Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඞ් මෘතදේහ භූමදානය සිදු කළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය නිර්දේශ කඩිනමින්

  කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත ...

 


කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන කඩිනමින් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත එම සාකච්ජාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළපෙලේ සෞඛ්‍ය බලධාරීන් කිහිපදෙනෙකු එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 


කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට  අවසර දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ පෙරේදා රාති‍්‍රයේයි. 


සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ 03 වන වගන්ති යටතේයි. නව ගැසට් නිවේදනයට අනුව, කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමි වනවා. 


කෙසේ වෙතත්, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක, අදාළ බලධාරියාගේ අධීක්ෂණය යටතේ කටයුතු කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. 

No comments

Ads Place