Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති බන්දුලට සහ ඇමති මහින්දානන්ද යන දෙදෙනාටම දෙවියන්ගේ හාල් කැවිලා – ගොවි සංවිධාන වලින් චෝදනා

උතුරු මැද පළාතේ ගොවි සංවිධාන සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් එම ගොවියන්ට විශාල සේවයක් කරණ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් ලංකා ලීඩ් අමතා ප්‍රක...


උතුරු මැද පළාතේ ගොවි සංවිධාන සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් එම ගොවියන්ට විශාල සේවයක් කරණ නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක් ලංකා ලීඩ් අමතා ප්‍රකාශ කර සිටියේ ඇමති බන්දුලට සහ ඇමති මහින්දානන්ද යන දෙදෙනාටම දෙවියන්ගේ හාල් කැවී ඇති බවක් පෙනීයන බවයි.


මෙම දෙදෙනාම ප්‍රකාශ කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් මුදල් හම්බකරන එක වළක්වන්න වී ගොවියාට ගෙවන සහතික මිළ අඩු කළ යුතුයි කියන්නෙ පාරිභෝගිකයා රකින්නලු. මේක අමු බොරු කතාවක්. වී වලට සහතික මිළ රු. 60/=ක් ගෙව්වත් රු. 110/=ට හාල් දෙන්න පුළුවන්.


එන කන්නයෙ වී වල සහතික මිළ රු.60/=ක් කරල රු.110/=ට හාල් දෙනව කිව්ව නම් ඒක ප්‍රායෝගිකයි. එතකොට ගොවියයි, පාරිභෝගිකයයි දෙන්නම රැකෙනව.


මේ කියන කතා වලින් ගොවියා අඩපණ කරල ලාබෙට පිටරටින් හාල් ගෙන්වමු කියල නාඩාර්ලගෙන් කුට්ටි පිටින් හම්බ කරගන්න කුමන්ත්‍රණයක්ද මේ? කියල සැකත් හිතෙනව.


“මේ ඇමතිවරු දෙන්නටම දෙවියන්ගෙ හාල් කැවිල, නැත්නම් දෙන්නටම උපන්ගෙයි ලෙඩක් කියල තමයි අපිට කියන්න තියෙන්නෙ” යයි උන්වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

No comments

Ads Place