Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එලවළු වෙළෙන්ඳන් ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවක…

  වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය වහාම විවෘත්ත කරන ලෙස ඉල්ලා වව්නියාවේ වෙළෙන්ඳන් විසින් වව්නියාව ත්‍රීකුණාමලය හොරොව්පතාන ප්‍රධාන මාර්ගය වසා ...

 


වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය වහාම විවෘත්ත කරන ලෙස ඉල්ලා වව්නියාවේ වෙළෙන්ඳන් විසින් වව්නියාව ත්‍රීකුණාමලය හොරොව්පතාන ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවයක නිරත වුහ.

වව්නියාව නගරයේ කොරෝණා වෛරසය ව්‍යාප්තියත් සමග මාසයකට ආසන්න කාලයක් වසා දමා ඇති වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය විවෘත්ත කරන ලෙස ඉල්ලා වව්නියාව එලවළු වෙළඳ සංගමය විසින් මෙම විරෝධතාවය වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත එලවළු වෙළෙන්ඳන් කියා සිටියේ,

‘වව්නියාවේ එලවළු වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් වව්නියාවේ මෙන්ම යාපනය, මන්නාරම්, කිලිනොච්චිය හා මුලතිව් ගොවීන්ද එලවළු බෙදාහැරීමට නොහැකි වීමෙන් දැඩි අසීරුතාවයන්ට පත්ව සිටින බවටත් මේ වන විට වව්නියාවේ කොරෝණා වාතාවරනය සාමාන්‍ය තත්වයකට පත්ව ඇති හෙයින් වහාම විවෘත්ත කිරීමට පියවර ගන්නා ලෙසටය.

හොරෝව්පතාන ප්‍රධාන මාර් ගය වසා එලවළු තොගද පාරේ දමමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් වව්නියාව පොලීසිය එම ස්ථානයට ගොස් වෙළෙන්ඳන් මාර් ගයෙන් ඉවත් කොට ගමනාගමනය සාමාන්‍ය තත්වයට පත් කරන ලදි.

පසුව විරෝධතාවයේ නිරත වූවන්ට වව්නියාව දිසාපති කාර් යාලය විසින් දැනුම් දී සිටියේ වව්නියාව දිස්ත්‍රීක්කයේ කොරෝණා ආසාදිතයින් සමීප ඇසුරු කරන්නන් සියලු දොනගේම පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා නොලැබී ඇති හෙයින් සියලු වාර් ථා ලැබීමෙන් පසුව සෞඛ්‍ය ආරක්ෂිතව වෙළඳ මධ්‍යස්ථානය විවෘත්ත කිරීමට පියවර ගන්නා බවට දැනුම් දීමෙන් පසුව විරෝධතා කරුවන් විසින් විරෝධතාව නවතා දමනු ලැබීය.

එමෙන්ම උතුරේ එලවළු වෙළඳ තොග බෙදාහැරීම සහ විකිණීමේ කටයුතු තාවකාලිකව සිදු කරගැනීම සඳහා වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ පිහිටි ආර් ථික වෙළඳ මධ්‍යස්ථානය ලබා දීමට වව්නියාව දිසාපති සමන් බන්ධුලසේන මහතා විසින් පසුගියදා පියවර ගෙන තිබුණි.

No comments

Ads Place