Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව පරාජය කිරීමට සහය වන්නැයි ජිනීවා කවුන්සිලයේ සාමාජික රටවලින් ඇමති දිනේෂ් ඉල්ලයි

  ශ‍්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඊයේ අමතනු ලැබුවා. ඒ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්. මෙරට වේලාව...

 


ශ‍්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඊයේ අමතනු ලැබුවා. ඒ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්. මෙරට වේලාවෙන් රාතී‍්‍ර 09 ට පමණ අමාත්‍යවරයා එම සැසිවාරය ඇමතුවේ අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ වීම විශේෂත්වයක්. 


සැසිවාරය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඔහු එම සැසිය අමතන අවස්ථාව වනවිටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇති බවයි. එම වාර්තාවෙන් පෙර නොවූ විරූ අන්දමේ ප‍්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර ඇතැයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 


දශක 03 ක් පුරා පැවැති ගැටුම්වලින් අනතුරුව ඛඔඔෑ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කළා. අනතුරුව ඒකීය රාජ්‍යය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය ආත්මාරක්ෂාව වෙනුවෙන් කි‍්‍රයා කළා. ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයෙකු ද ඝාතනය කළ ලොව එකම ත‍්‍රස්ත සංවිධානය ඛඔඔෑ යයි. කෙසේවෙතත්, ශ‍්‍රී ලංකාව, ත‍්‍රස්ත‍්‍රවාදය අවසන් කිරීම මගින් සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගේ ජීවන අයිතිය සහතික කරනු ලැබුවා. 


එසේවුවද, ශ‍්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේදී ආධිපත්‍යවාදී බලවේග ශ‍්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර එය අදටත් ශ‍්‍රී ලංකාව සමග සිටින මිත‍්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත් කර තිබෙනවා. දේශපාලන අභිප‍්‍රායන් මත තවදුරටත් මෙම සභාවට යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. එම සෑම අවස්ථාවකදීම එවැනි කි‍්‍රයාදාමයන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේදැයි යන්න ශ‍්‍රී ලංකාව විසින් පෙන්වා දී තිබෙනවා. 


පැවැති රජය විසින් අපගේම රටට එරෙහි තිහ එක යෝජනාවේ සම අනුග‍්‍රහකයන් ලෙස සම්බන්ධ වුණේ පෙර නොවූ විරූ ආකාරයටයි. එය එවක ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළ කි‍්‍රයාවක්. එම යෝජනාවේ මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටුකළ නොහැකි බැඳීම් රාශීයක් අඩංගු වී තිබෙනවා. එය පාස්කු ප‍්‍රහාරය නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු වුණා. 


ශ‍්‍රී ලංකා ජනතාව විසින් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම පැහැදිළිව පෙන්නුම් කළේ 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලද පැහැදිළි ජනවරමයි. ශී‍්‍ර ලංකාව එම යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බවත්, කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග අඛණ්ඩව කටයුතු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ කැපවීමත් මා විසින් මීට පෙර ප‍්‍රකාශ කළා. 


ශ‍්‍රී ලංකාව සිදුකර ඇති බැඳීම් කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ඉකුත් දෙසැම්බර් හා ජනවාරි මාසවලදී මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට සවිස්තරාත්මකව ලබාදී තිබෙනවා. කොවිඞ් වසංගතයේ බලපෑම හමුවේ පොරබදිමින් සිටින මොහොතේ දී පවා එම පියවරන් අනුගමනය කිරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා. 


මානව හිමිකම් කවුන්සිලය හා යාන්ත‍්‍රණයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට හැකියාව තිබියදීත්, ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකරන කොටස් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක්. එමගින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණයි. මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබා ගනිමින් සිය මූලධර්ම පිළිපැදිය යුතුයි. 


මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් මා ඉල්ලා ඉල්ලා සිටින්නේ අපගේ සහයෝගීතාව සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එන  ඕනෑම යෝජනාවක් ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපට සහය වන ලෙසයි. ඒ අනුව ඉහත දක්වා ඇති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව සභාව විසින් ප‍්‍රතික්ෂේප කොට එය අවසානයක් කරා ගෙන එන ලෙස ශ‍්‍රී ලංකාව ඉල්ලා සිටින බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය දිනේ්ෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කළා.


මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 09 කට එරෙහිව සකසා ඇති සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට වේලාවෙන් අද රාතී‍්‍ර 07 යි 30 ට පමණ ඉදිරිපත් කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ

No comments

Ads Place