Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් සකස් කර ගැනීමට හෙටත් අවස්ථාව

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටීම සදහා මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබානොගත් විභාග අපේක්‍ෂකයින්ට එම හැදුනුම්පත් නිකුත් කිරීම සදහා හෙට දි...


අපොස සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටීම සදහා මෙතෙක් ජාතික හැදුනුම්පත් ලබානොගත් විභාග අපේක්‍ෂකයින්ට එම හැදුනුම්පත් නිකුත් කිරීම සදහා හෙට දිනයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප‍්‍රධාන කාර්යාල විවෘතව තැබෙනවා.


ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව සහ මඩකලපුව යන දිස්ති‍්‍රක්කවල පිහිටි පළාත් කාර්යාලය හෙට පෙරවරු 8.30 සිට පස්වරු එක දක්වා විවෘතව තැබෙනු ඇති. සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂකයින් සදහා පමණක් මෙම විශේෂ සේවාව සපයන අතර ඒ සදහා විදුහල්පති හෝ ග‍්‍රාම නිලධාරී විසින් සහතික කළ, නිසි ලෙස සම්පූර්ණ කළ ඉල්ලූම්පත් රැගෙන පැමිණිය යුතු බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක පැවසුවේ.

No comments

Ads Place