Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි.. මා කීවේ සෞඛ්‍ය බලධාරීන් කියන දේමයි..- අගමැති

  කොරෝනාවෙන් මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් භූමදානය කළ හැකි යැයි තමන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශව...

 


කොරෝනාවෙන් මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් භූමදානය කළ හැකි යැයි තමන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුකූලව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කීය.

ඒ ගැන අප අගමැතිවරයාගෙන් විමසා සිටියේ විද්වත් කමිටු සභාපතිනි ආචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසන ආකාරයට කොරෝනා මෘතදේහ භූමදානයටත් ආදාහනයටත් දෙකටම අවසර දී තිබෙන්නේද කියායි.

එය තහවුරු කළ අගමැතිවරයා මෘතදේහ භූමදානය කිරීමට කැමැති කෙනකුට එයට හැකියාව තිබෙන බව තමන් කළ ප්‍රකාශයේ අර්ථය බව පැවසීය.

එහෙත් එය හිතුමතේ කළ නොහැකි බවත් මෙම නිර්දේශය ලබාදුන් සෞඛ්‍ය බලධරයන්ම එය සිදුකළ යුතු ආකාරය ගැන අදාළ රෙගුලාසි සම්පාදනය කළ යුතු යැයිද පැවසීය.

No comments

Ads Place