Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල ඉහළ යයිද? – බලශක්ති ඇමති කියන කතාව

  ඉදිරි මාස 03ක කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය...

 


ඉදිරි මාස 03ක කාලය තුළ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයේ කිසිදු සූදානමක් නැතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල අවසන් වරට ඉහළ නංවා ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යහපාලන රජය විසින් බවත් වත්මන් රජය යටතේ මෙතෙක් ඉන්ධන මිල ඉහළ නංවා නොමැති බව ද සඳහන් කළේය. ඉන්ධන මිල මේ වන විට අන්තර්ජාතික වෙළඳ පොළේ ඉහළ ගොස් ඇති නමුත් ඉන්ධන මිල පාලනය කිරීමට වත්මන් රජය කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඉන්දියාවට පවරා දී ඇති ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මෙහිදී ඇමැති උදය ගම්මන්පිල මහතාගෙන් විමසීය.

noizetv

No comments

Ads Place