Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුවේ බදුල්ල නගර සභාව අත්හිටුවයි.. පාලනය කොමසාරිස් යටතට..

  ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා විසින් බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද දිනයේ සිට අත්හිටුවා තිබේ. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමි...

 


ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා විසින් බදුල්ල මහ නගර සභාවේ කටයුතු අද දිනයේ සිට අත්හිටුවා තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා සභාව අත්හිටුවා ඇති අතර එහි බලතල ක්‍රියාත්මක කිරීමට විශේෂ කොමසාරිස්වරයකු පත් කර ඇත.

බදුල්ල නගර සභාවේ නගරාධිපතිවරයා ගැන මාස තුනක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක්ද කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති වරයාට මන්ත්‍රීවරුන්ගේ බහුතරය අහිමි වීම මත සභාවේ කටයුතු අඩාල වී තිබීමද මෙම තත්ත්වයට බලපා ඇත.

No comments

Ads Place