Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පලා යෑමට තැත් කළ බන්ධනාගාර රැඳවියෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලායාමේදී පිටත රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ...


වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලායාමේදී පිටත රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයේ බුරුසු වැඩ කණ්ඩායමේ සේවය සදහා යොදවා සිටි අයෙකු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.


බන්ධනාගාර තාප්පයට නැග බන්ධනාගාර සීමාවෙන් පිටතට පැන යාබදව ඇති මාර්ගයේ දිවයන අවස්ථාවේදී  සිරකරු අත්අඩංගුවට ගැණුනා. ඔහු මේ  වනවිට වැලිකඩ බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකුගේ ප්‍රධානත්වයේ මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


මෙම සිරකරු, පානදුර මහාධිකරණය, කැස්බෑව, මාලිගාකන්ද, බණ්ඩාරගම, හොරණ හා කළුතර යන මහේස්ත්‍රාත් අධිකරණ වලින් සොරකම් කිරීම, මංකොල්ලාකෑම සහ හෙරොයින් සන්තකකයේ තබාගැනීම යන චෝදනාවන්ට වසර 15යි මාස 05ක සිරදඩුවම් නියම කළ අයෙක්. ඔහුට එරෙහිව තවත් නඬු 08 ක් විභාග වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.


No comments

Ads Place