Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කහටගස්දිගිලියේ, වන ව්‍යාපෘති නිලධාරියෙක් අල්ලස් දැලේ

  දැව ප‍්‍රවාහනයට බලපත‍්‍රයක් නිකුත් කිරීම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන, වන ව්‍යාපෘති නිලධාරියෙකු අත්අ...

 


දැව ප‍්‍රවාහනයට බලපත‍්‍රයක් නිකුත් කිරීම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන, වන ව්‍යාපෘති නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුව අදාළ නිලධාරියා අත්අඩංගුවට ගැණුනේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.


මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කහටගස්දිගිලිය අඩවි වන නිලධාරි කාර්යාලයට අනියුක්තව සේවය කරන, වන ව්‍යාපෘති නිලධාරියෙක්.


ඉරණ ලද දැව තොගයක් ප‍්‍රවාහනය කිරීම සදහා අදාළ නිලධාරියා රුපියල් පනස් දහසක මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 30,000 ක මුදලක් මීට පෙර ලබාගෙන තිබුණා. ඉතිරි රුපියල් 20,000 ක මුදල ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේදී ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

No comments

Ads Place