Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවනගල පුදබිමේ නාමපුවරු කඩා දමයි..

  ඓතිහාසික දෙවනගල සංඝාවාසයට පිවිසෙන ස්ථානය බැතිමතුන්ට සොයා ගැනිමට පහසු විමට යොදා තිබු නාමපුවරුව සංවිධානාත්මක පිරිසක් විසින් ඊයේ 08 රාත‍්‍රී ...


 ඓතිහාසික දෙවනගල සංඝාවාසයට පිවිසෙන ස්ථානය බැතිමතුන්ට සොයා ගැනිමට පහසු විමට යොදා තිබු නාමපුවරුව සංවිධානාත්මක පිරිසක් විසින් ඊයේ 08 රාත‍්‍රී කඩා ඇති බව දෙවනගල විහාරයේ භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් වහන්සේ සහ දායක සභාව පවසයි.

තමන් වහන්සේ විහාරස්ථානයෙන් බැහැරව සිටියදි සංඝාවාසයට පිවිසෙන මං සන්දියේ ඉදි කර තිබු නාමපුවරුව කඩා ඇත්තේ සංඝාවාසයේ පොලිස් මුරපලක්ද තිබු පසුබිමක වන බව උන්වහන්සේ සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පැවසුයේ.

වසර ගණනාවක් තිස්සේ පැවැති ඓතිහාසික දෙවනගල පුදබිමේ ගැටලූ කඩිනමින් නිරාකරණය කොට ජාතික උරුමයන් මෙන්ම පුරාවස්තු අනාගතයට ආරක්ෂා කිරිමට තවමත් බලධාරින් අපොහොසත් වි ඇති බවයි. ඒ නිසාම උරුමය විනාශ වි යෑමට අවශ්‍ය කටයුතු එහි සංවිධානාත්මක පිරිස් විසින් දිගෙන් දිගටම සිදු කරමින් පවතින අතර මෙම පූජා භූමියේ ඉපැරණි පුරා වස්තු විනාශය සහ පූජා භූමියට අයිති ඉඩකඩම් රැසක්ම විවිධ පුද්ගලයින් විසින් අල්ලාගෙන සංවර්ධන කටයුතු සිදු කරමින් පුරා විද්‍යා වටිනාකමට හානියක් වන ලෙසත්, ජාතික උරුමය විනාශ වන ලෙසත් සිදු වු අතර එම සිදු විම් වලින් ඉපැරණි සඳකඩ පහන විනාශ කරන ලදි. පුදබිමේ ඉපැරණි සෙල් ලිපි වලට රසායිනික යොදා ඒවා විනාශ විමට අවශ්‍ය කටයුතු සිදු වු අතර ඓතිහාසික ස්ථාන රැුසක්ද සංවිධානාත්මක පිරිස් වලින් විනාශ විය. විහාරස්ථානයේ ඉඩකඩම් මෙලෙස අත්පත් කරගෙන අන්‍ය ජාතිකයන් බෞද්ධ උරුමය දවසින් දවස විනාශ කරන්නටද විය.

දෙවනගල විහාරයේ කිසිදු හිමිනමකට වැඩවාසය කිරිමට ඉඩ නොදි මෙම අන්තවාදි මෙන්ම සංවිධානාත්මක කල්ලි විසින් උන්වහන්සේලාට විවිධ අපහසාත්මක දේවල් මෙන්ම බොරු චෝදනා සිදු කිරිම මෙන්ම විහාරස්ථානයේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් සී.සී.ටි.වි කැමරා සවි කිරිම් ගණනාවක්ම පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය. ඒවායෙන් සමහරක් තවමත් ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස පැවතියත් නිතීය ඒ සඳහා ක‍්‍රියාත්මක විමක් දැක ගැනිමට නොහැකි වෙයි. භාරකාරස්වාමින් වහන්සේට මෙන්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට එන බලධාරින්ට මෙන්ම මාධ්‍යවේදින්ට පවා ඔවුන් බැන තර්ජනය කොට මේ සම්බන්ධයෙන් තිබෙන අවදානය වෙනතට යොමු කිරිමට කටයුතු කරන අතර මාවනැල්ලේ බුදු පිළිම විනාශ කර සමයේ විහාරයේ බෝ ගසක්ද කඩා බිඳ දැමු අතර ඉඩම් රැසක් බලෙන් අත්පත් කරගෙන වැට කණු ගසා විහාරස්ථානයේ හිමිවරුන් සහ දායකයන් සමග ගැටලූ ඇති කර ගත් බවද උන්වහන්සේ සඳහන් කරයි.

මෙවැනි පසුබිමක් යටතේ දෙවනගල පුදබිමේ ගැටලූවත් සංඝාවාස බිමේ ගැටලූවත් පුරාවස්තු ජාතික උරුමය විනාශ විම ගැන මාධ්‍ය හරහා දිගෙන් දිගටම හෙළි දරව් කිරිම නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවදානය ඒ වෙත යොමු වි දෙවනගල රජමහ විහාරයේ සංඝාවාසය අවට පළමු මැනුම හැටියට අක්කර 85 ක් මැන මායිම් ලකුණු කර අවසන් කරන ලදි. එම මැනිමෙන් නිවාස 400 කට ආසන්න ප‍්‍රමාණයක් සහ බලෙන් අත්පත් කර ගෙන සිටි ඉඩම් රැසක් විහාරයට අයිති විය. ඉන් පසුව රජය දෙවනගල පුදබිමේ විශාල වශයෙන් පුරාවස්තු මෙන්ම ඉඩම් අක‍්‍රමණය වන පුදබිම පාදම අවට මැනුම් සිදු කිරිමට පියවර ගත් අතර එම මැනුම් දැනට මාස 2 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වි ඇති පසුබිමක නැවත වතාවක් සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන දෙවනගල උරුමය නැති කිරිමේ අරගලය නවතා නැත. එමෙන්ම 2021 ජනවාරි 16 වැනිදා දෙවනගල පුදබිමේ හිස් ඉඩමක බැකෝ යන්ත‍්‍රයක් යොදා කරන්නට උත්සාහ කරන ලද සංවර්ධන කටයුත්තක් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේගේ මැදිහත් විමෙන් මාවනැල්ල පොලිසිය මගින් අත්හිටුවිමක් සිදු කලේද මෙම නාමපුවරුව කැඩිමට පෙර සිදු වු ආසන්නම සිදු විම හැටියටයි.

මෙම සියලූ සිදුවිම් වලින් විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් දැඩි මාන්සික අපහසුතාවයකට ලක් වි ඇති උන් වහන්සේ බලධාරින්ගෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලූව වෙනුවෙන් කඩිනම් විසදුමක් ලබා දි දෙවනගල ගැටලූව අවසන් කරන ලෙසටයි. දෙවනගල පුදබිමේ දන්ත ධාතුන් වහන්සේ වරක් සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් වන අතර මේ රට ඓතිහාසික පූජනීය ස්ථාන අතර රැක ගත යුතුම පුදබිමකි.

No comments

Ads Place