Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්

  හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසි...

 


හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමුදාව විසින් පළමුව එම මූලස්ථානය වටලා, අනතුරුව එම මූලස්ථානයට දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.


හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයේ දොරටු කඩා දේපළවලට හානි සිදුකර ඊට ඇතුළුවී තිබෙනවා. ඔවුන් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි. හමුදා පාලනය විසින් මියන්මාරය පුරා රාත්‍රී 08 සිට අලුයම 04 දක්වා ඇඳිරි නීතිය පනවා තිබුණා. 


මේ අතර හමුදා පාලනයට එරෙහිව විරෝධතාවයේ නිරත වි සිටින මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර එරට හමුදාව වෙඩි ප්‍රහාර ද එල්ල කර අති බවයි වාර්තා වන්නේ. එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාවකගේ තත්ත්වය බරපතල බව ද විදෙස් වාර්තා සඳහන් කළා. 

No comments

Ads Place