Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කඩුවලින් කපා කොට අයෙකු මරා දමයි… තිදෙනෙකුට බරපතලයි…

  කිලිනොච්චිය උපයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් ඊයේ (14) සවස තියුණු ආයුධ වලින් පහරදීගැනීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා...

 


කිලිනොච්චිය උපයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් ඊයේ (14) සවස තියුණු ආයුධ වලින් පහරදීගැනීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

උපමයාල්පුරම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර පළමුව බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර පසුව එය දුරදිග යාමෙන් තිබුණු ආයුධ වලින් පහරදීගෙන ඇති බවට පොලීිසියට තොරතුරු වාර් ථ වී ඇත.

පසුව තියුණු ආයුධ වලින් පහර කෑමට ලක්වූ සිව් දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් අයෙකු මිය ගොස් ඇති අතර තිදෙනෙකු බරපතල තත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට රෝහල් වෛද්‍ය වරුන් පවසා සිටියහ.

අදාල පහරදීමට සම්බන්ධ වූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පියවර ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීෂිය වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place